,
News

ශ්‍රී ලංකාවට චීනයෙන් රුපියල් බිලියන 16.5ක ආධාර මුදලක්

(RIVIRA.LK, 2020 ඔක්තෝම්බර් 11 පස්වරු 07.04ට)

මහජන චීන සමූහාන්ඩුව විසින් යුවාන් මිලියන 600ක් හෙවත් ඇමරිකානු ඩොලර් 90ක (රුපියල් බිලියන 16.5) මුදලක් ආධාර වශයෙන් ශ්‍රී ලංකාවට ලබා දීමට නියමිත බව නිවේදනයක් මගින් ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය දැනුම් දී තිබෙනවා.

ඇතැම් මාධ්‍ය ආයතන විසින් මෙය තවත් එක් ණය මුදලක් ලෙස වාර්තා කර ඇති පසුබිමක, නිවේදනය මගින් චීන තානාපති කාර්යාලය සඳහන් කරන්නේ ඊට අදාළව ඔක්තෝම්බර් 09 දින ශ්‍රී ලංකාවේ මුදල් අමාත්‍යංශ ලේකම් එස්.ආර්. ආටිගල සහ චීන සහයෝගිතා අරමුදලේ සභාපති වන් ශියාඔටාඕ විසින් ගිවිසුම් අත්සන් කළ බවයි. එය ශ්‍රී ලංකාව සහ චීනය අතර ආර්ථික සහ තාක්ෂණික සහයෝගීත්වය සඳහා වන ගිවිසුමක් බව ද චීන තානාපති කාර්යාලය සඳහන් කරයි.

මෙලෙස ලබාදුන් මුදල් පශ්චාත් කොවිඩ් කාලය තුළ ග්‍රාමීය ප්‍රදේශවලට වෛද්‍ය පහසුකම් ලබා දීම, අධ්‍යාපනය සහ ජල සම්පාදනය වැනි කරුණු සඳහා යොදවා ගැනීමට දෙපාර්ශවය එකඟ වූ බව සඳහන් කර තිබෙනවා.

මෙවැනි තත්වයක් තුළ ඇතැම් මාධ්‍ය විසින් මෙම ආධාරය තවත් ණය මුදලක් ලෙස වාර්තා කර ඇති අතර එමගින් පටු දේශපාලනික වාසි ලබා ගැනීමට අපේක්ෂා කරන බව ආණ්ඩුවේ ප්‍රකාශකයෙකු රිවිර.lk වෙත සඳහන් කළා.

Rivira Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top