,
Covid-19

Brandix පොකුරට අදාළව තවත් ආසාදිතයින් 121ක්, මෙරට ‘කොවිඩ්ගහනය’ තවදුරටත් ඉහළට

(RIVIRA.LK, 2020 ඔක්තෝම්බර් 11 පස්වරු 09.30ට)

ශ්‍රී ලංකාවේ දී වාර්තා වූ කොවිඩ්-19 ආසාදිතයින් සංඛ්‍යාව ඔක්තෝම්බර් 11 වන ඉරිදා පස්වරු 09.00 වනවිට 4,752ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඒ අනුව, දිනය තුළ නව ආසාදිතයින් 121ක් වාර්තා වී ඇති අතර ආසාදිතයින් 01ක් සුවය ලබා රෝහල්වලින් පිට වී තිබෙනවා.

හඳුනාගත් ආසාදිතයින් 121 දෙනාම මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් පොකුරට අදාළව හඳුනාගෙන ඇති බව යුද හමුදාපතිවරයා සඳහන් කළා. එසේම ඉන් 87 දෙනෙකු නිරෝධායන මධ්‍යස්ථානවලින් හමුවී ඇති අතර ඉතිරි 34 දෙනා බ්‍රැන්ඩික්ස් ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් බව යුද හමුදාපතිවරයා සඳහන් කළා.

බ්‍රැන්ඩික්ස් පොකුරට අදාළව මෙතෙක් වාර්තා වූ ආසාදිතයින් මෙසේ ය.

  • බ්‍රැන්ඩික්ස් කොරෝනා පොකුර ඔක්. 11 – 121 (පස්වරු 06.50ට වාර්තා කළ ආසාදිතයින් 61, පස්වරු 09.10ට වාර්තා කළ 60)
  • බ්‍රැන්ඩික්ස් කොරෝනා පොකුර ඔක්. 10 – 103
  • බ්‍රැන්ඩික්ස් කොරෝනා පොකුර ඔක්. 09 – 30
  • බ්‍රැන්ඩික්ස් කොරෝනා පොකුර ඔක්. 08 – 10
  • බ්‍රැන්ඩික්ස් කොරෝනා පොකුර ඔක්. 07 – 202 
  • බ්‍රැන්ඩික්ස් කොරෝනා පොකුර ඔක්. 06 – 729 
  • බ්‍රැන්ඩික්ස් කොරෝනා පොකුර ඔක්. 05 - 101
  • දිවුලපිටිය කාන්තාවගේ දියණිය ඔක්. 04 - 01
  • දිවුලපිටිය කාන්තාව ඔක්. 03 - 01 

ඒ අනුව බ්‍රැන්ඩික්ස් කොරෝනා පොකුරේ සමස්ත ආසාදිතයින් ගණන 1,307 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ඒ අනුව, මේ වනවිට නිකුත් කර ඇති වාර්තා අනුව සුවය ලබා ඇති මුළු සංඛ්‍යාව 3,307කි. සමස්ත ආසාදිතයින් අතුරින් 13 දෙනෙකුට දිවි අහිමි වී තිබෙනවා. සක්‍රීය ආසාදිතයින් ගණන 1,429ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. වෛද්‍ය අධීක්ෂණය යටතේ සිටින සැක සහිත රෝගීන් ගණන 272ක් බවද සඳහන් වේ.

  1. Brandix පොකුරට අදාළව තවත් ආසාදිතයින් 103ක්
  2. Brandix පොකුරට අදාළව තවත් ආසාදිතයින් 30ක්
  3. Brandix පොකුරට අදාළව තවත් ආසාදිතයින් 10ක්
  4. නිරෝධායනයට ගෙන ගිය කාන්තාව මිය ගියේ හෘදයාබාධායකින්
  5. නිරෝධායනයට ගෙන යමින් සිටි ආසාදිතයෙකුගේ මවක් මිය යයි
  6. Brandix පොකුරට අදාළව තවත් ආසාදිතයින් 06ක්
  7. Brandix වැලිසරිනුත් ආසාදිතයෙක්
  8. Brandix පොකුරට අදාළව තවත් ආසාදිතයින් 124ක්
  9. Brandix පොකුරට අදාළව තවත් ආසාදිතයින් 139ක් හඳුනාගනී
  10. Brandix පොකුරට අදාළව තවත් ආසාදිතයින් 246ක් හඳුනාගනී
  11. Brandix පොකුරෙන් තවත් 220ක් හඳුනාගනී
  12. Brandix පොකුරෙන් තවත් 13ක්, සමස්තය 103 දක්වා ඉහළට
  13. Brandix කොරෝනා පොකුරෙන් තවත් 05ක් හඳුනාගනී
  14. බ්‍රැන්ඩික්ස් කොරෝනා පොකුරෙන් ආසාදිතයින් 69ක්
  15. දිවුලපිටියේ ආසාදිතයාගේ 16 හැවිරිදි දියණියටත් කොරෝනා
  16. දිවුලපිටියේ කාන්තාවකට කොරෝනා ආසාදනය වෙයි
Rivira Ads
To Top