Covid-19

ජ’පුර සරසවියේ තවත් සිසුවියක් ආසාදිතයි

(RIVIRA.LK, 2020 ඔක්තෝම්බර් 12 පස්වරු 01.09ට)

බ්‍රැන්ඩික්ස් කොරෝනා පොකුරට අදාළව තවත් ආසාදිතයෙකු ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් හඳුනාගෙන තිබෙනවා.

ඔක්තෝම්බර් 10 දින හඳුනාගත් පානදුර පදිංචි කොවිඩ්-19 ආසාදිත සිසුවිය සමඟ නවාතැන්ගත් සිසුවියක් කොවිඩ්-19 ආසාදිත බව පීසීආර් පරීක්ෂණයකින් තහවුරු වී ඇති බව විශ්වවිද්‍යාලය සඳහන් කළා.

අදාළ සිසුවියන් නවාතැන්ගත් පෞද්ගලික නවාතැන්පොල අයත් නිවසේ යුවලකට ද පීසීආර් පරීක්ෂණ සිදුකර ඇති අතර ඔවුන්ට වෛරසය ආසාදනය වී නැති බව අනාවරණය වී තිබෙනවා. එහෙත් ඔවුන් දෙදෙනා තවදුරටත් ස්වයං නිරෝධායනයට ලක් කිරීමට ප්‍රදේශය භාර සෞඛ්‍ය අංශ පියවර ගෙන තිබෙනවා.

ජ’පුර හා කැළණිය විශ්වවිද්‍යාලවලින් ආසාදිතයින් හමුවෙයි

Rivira FB Group Rivira Youtube
Rivira Ads
To Top