,
Covid-19

කඳාන LECO විදුලි සමාගමේ සේවකයින් 12 දෙනෙකු ආසාදිත බව හඳුනාගනී

(RIVIRA.LK, 2020 ඔක්තෝම්බර් 12 පස්වරු 01.47ට)

බ්‍රැන්ඩික්ස් කොරෝනා පොකුරට අදාළව තවත් ආසාදිතයින් 12 දෙනෙකු ඔක්තෝම්බර් 11 දින හඳුනාගෙන තිබෙනවා.

අදාළ පිරිස කඳාන, නාගොඩ ප්‍රදේශයේ පිහිටි, සීමාසහිත ලංකා විදුලි (පෞද්ගලික) සමාගමේ (ලෙකෝ) සේවකයින් 12 දෙනෙකුට කොවිඩ්-19 වෛරසය ආසාදනය වී ඇතැයි ජාඇළ පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක එස්.ඩබ්.වයි.එම් විජේසිංහ සඳහන් කළා.

අදාළ ආයතනයේ සේවකයින් අතරින් එක් අයෙකුගේ දියණියක් මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ආයතනයේ සේවිකාවක් වන අතර ඒ බව දැනගැනීමෙන් අනතුරුව එම පුද්ගලයාව ස්වයං නිරෝධායනයට යොමු කර සියලු සේවකයින් පීසීආර් පරීක්ෂණයකට ලක් කිරීමට පියවරගෙන තිබෙනවා.

එහි ප්‍රතිඵල අනුව 12 දෙනෙකුට වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී ඇතැයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා සඳහන් කළා.

Rivira Ads
To Top