කොවිඩ්-19

Brandix පොකුරට අදාළව තවත් ආසාදිතයින් 51ක්

(RIVIRA.LK, 2020 ඔක්තෝම්බර් 12 පස්වරු 02.05ට – යාවත්කාලීන කිරීම පස්වරු 08.00ට)

ශ්‍රී ලංකාවේ දී වාර්තා වූ කොවිඩ්-19 ආසාදිතයින් සංඛ්‍යාව ඔක්තෝම්බර් 12 වන සඳුදා පස්වරු 08.00 වනවිට 4,842ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඒ දිනය තුළ තවත් ආසාදිතයින් 51ක් දෙනෙකු හඳුනාගැනීමත් සමගයි.

ඒ අනුව, දිනය තුළ හඳුනාගත් ආසාදිතයින් ගණන 90ක් දක්වා ඉහළ ගොස් ඇති අතර එම සියලු දෙනාම මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් පොකුරට අදාළව හඳුනාගෙන ඇති බව යුද හමුදාපතිවරයා සඳහන් කළා. ආසාදිතයින් 10 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිට වී තිබෙනවා.

බ්‍රැන්ඩික්ස් පොකුරට අදාළව මෙතෙක් වාර්තා වූ ආසාදිතයින් මෙසේ ය.

  • බ්‍රැන්ඩික්ස් කොරෝනා පොකුර ඔක්. 12 – 90 (පස්වරු 01.50ට වාර්තා කළ ආසාදිතයින් 39, පස්වරු 07.15ට වාර්තා කළ 51)
  • බ්‍රැන්ඩික්ස් කොරෝනා පොකුර ඔක්. 11 – 121 
  • බ්‍රැන්ඩික්ස් කොරෝනා පොකුර ඔක්. 10 – 103
  • බ්‍රැන්ඩික්ස් කොරෝනා පොකුර ඔක්. 09 – 30
  • බ්‍රැන්ඩික්ස් කොරෝනා පොකුර ඔක්. 08 – 10
  • බ්‍රැන්ඩික්ස් කොරෝනා පොකුර ඔක්. 07 – 202 
  • බ්‍රැන්ඩික්ස් කොරෝනා පොකුර ඔක්. 06 – 729 
  • බ්‍රැන්ඩික්ස් කොරෝනා පොකුර ඔක්. 05 - 101
  • දිවුලපිටිය කාන්තාවගේ දියණිය ඔක්. 04 - 01
  • දිවුලපිටිය කාන්තාව ඔක්. 03 - 01 

ඒ අනුව බ්‍රැන්ඩික්ස් කොරෝනා පොකුරේ සමස්ත ආසාදිතයින් ගණන 1,397 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ඒ අනුව, මේ වනවිට නිකුත් කර ඇති වාර්තා අනුව සුවය ලබා ඇති මුළු සංඛ්‍යාව 3,317කි. සමස්ත ආසාදිතයින් අතුරින් 13 දෙනෙකුට දිවි අහිමි වී තිබෙනවා. සක්‍රීය ආසාදිතයින් ගණන 1,512ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. වෛද්‍ය අධීක්ෂණය යටතේ සිටින සැක සහිත රෝගීන් ගණන 272ක් බවද සඳහන් වේ.

Brandix පොකුරට අදාළව තවත් ආසාදිතයින් 121ක්

Rivira FB Group Rivira Youtube
To Top