(RIVIRA.LK, 2020 ඔක්තෝම්බර් 12 පස්වරු 02.37ට)
ගම්පහ දිස්ත්‍රික්කයේ පූගොඩ පිහිටි සවුත් ඒෂියා ටෙක්ස්ටයිල්ස් ලිමිටඩ් හි සේවකයෙකුට කොවිඩ්-19 වෛරසය ආසාදිත බව තහවුරු වී ඇතැයි නිවේදනයක් නිකුත් කරමින් එම ආයතනය පවසනවා.
ඔක්තෝම්බර් 11 දින නිවේදනයක් නිකුත් කරමින්, ආරක්ෂිත පියවරක් වශයෙන් ඔක්තෝම්බර් 08 දින ආයතනය වසා දැමීමට පියවරගත් බව පවසන එම ආයතනය කියා සිටින්නේ සෞඛ්‍ය අංශවල උපදෙස් මත සේවකයින් පීසීආර් පරීක්ෂණයක් සඳහා යොමු කළ බවයි.
එහි ප්‍රතිඵල අනුව එක් සේවකයෙකුට පමණක් වෛරසය ආසාදිත බව තහවුරු වී ඇති අතර අනෙක් සේවකයින්ට වෛරසය ආසාදිත වී නොමැති බව ප්‍රතිඵල අනුව තහවුරු වී ඇතැයි ඔවුන් පවසනවා.


