කොවිඩ්-19

තිහාරියේ Hela Clothing ආයතනයෙනුත් ආසාදිතයෙක්

(RIVIRA.LK, 2020 ඔක්තෝම්බර් 12 පස්වරු 02.54ට)

ගම්පහ දිස්ත්‍රික්කයේ තිහාරියේ පිහිටි හෙළ ක්ලෝතින්ග් ඇඟළුම් ආයතනයේ සේවකයෙකුට කොවිඩ්-19 වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී ඇතැයි එම ආයතනය ඔක්තෝම්බර් 11 දින නිකුත් කළ නිවේදනයකින් දැනුම් දී තිබෙනවා.

ඔවුන් පවසන්නේ ආයතනයේ එක් සේවකයෙකු පීසීආර් පරීක්ෂණකට ලක් වීමෙන් අනතුරුව ඔහුට වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී ඇති බවයි. එසේම ඔහු රෝග ලක්ෂණ නොපෙන්වූ අයෙකු බව ද වැඩිදුරටත් කියා සිටී. එසේම අදාළ සේවකයාගේ බිරිඳ මිනුවන්ගොඩ ඇඟලුම් කම්හලේ සේවිකාවක් බව ද හෙළ ආයතනය නිවේදනයෙන් සඳහන් කර සිටී. එබැවින් ඔක්තෝම්බර් 07 දින සිට ඔහු නිරෝධායන මධ්‍යස්ථානයක සිට ඇත.

එසේම අදාළ පුද්ගලයා අවසන්වරට සේවයට පැමිණ ඇත්තේ ඔක්තෝම්බර් 02 දින බව පවසන එම ආයතනය කියා සිටින්නේ ඔහු සමග සමීප සබඳතා පැවැත්වූ සියලු සේවකයින් පීසීආර් පරීක්ෂණ සඳහා ලක් කිරීමට පියවරගෙන ඇති බවයි.

එසේම පූර්වාරක්‍ෂක පියවරක් තිහාරිය කර්මාන්තශාලාව වසා දමා ඇති බව ද එම නිවේදනයෙන් හෙළ ක්ලෝතින්ග් කියා සිටී.

Rivira FB Group Rivira Youtube
To Top