,

කොළඹ 03 මැරීන් ඩ්‍රයිව් NDB බැංකු ශාඛාවේ සේවකයෙකු කොරෝනා ආසාදිතයි

(RIVIRA.LK, 2020 ඔක්තෝම්බර් 12 පස්වරු 03.57ට)

කොළඹ 03 මැරීන් ඩ්‍රයිව් හී පිහිටි එන්ඩීබී බැංකුවේ සේවය කරන මිනුවන්ගොඩ ප්‍රදේශයේ පදිංචි සේවකයෙකුට කොවිඩ්-19 වෛරසය ආසාදනය වී ඇති බව නිවේදනයක් නිකුත් කරමින් එම බැංකුව පවසනවා.

එසේම ඔහු සමග සමීප සබඳතා පැවැත්වූ සියලු සේවකයින් රජයේ අධීක්ෂණය යටතේ ස්වයං නිරෝධායනයට යොමු කර ඇති අතර ඔක්තෝම්බර් 12 දින අදාළ බැංකු ශාඛාව වසා තැබීමට පියවර ගෙන තිබෙනවා. ඒ සඳහා ජංගම බැංකුවක් එම පරිශ්‍රයේම පිහිටුවා ඇති බව ද එම බැංකුව පවසනවා.

Rivira Ads