(RIVIRA.LK, 2020 ඔක්තෝම්බර් 12 පස්වරු 08.43ට)
හිටපු අමාත්‍ය, සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඞ් බදුර්දීන්ගේ සොහොයුරෙකු වන රියාජ් බදුර්දීන් නිදහස් කිරීම යුක්තිසහගත නොවන ලෙස සිදුකර ඇති බව පෙනී යන්නේ යැයි නීතිපතිවරයා වැඩබලන පොලිස්පතිවරයා වෙත දැනුම් දී තිබෙනවා.
ඔක්තෝම්බර් 12 දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා සහ සිදුවීමට අදාළ ප්‍රධාන විමර්ශන නිලධාරියා නීතිපති දෙපාර්තමේන්තුවට කැඳවා කළ කරුණු වීමසීමකින් අනතුරුව නීතිපති දප්පුල ද ලිවේරා මෙම දැනුම් දීම සිදුකර ඇති බව නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරී, රජයේ අධිනීතිඥ නිශාරා ජයරත්න සඳහන් කළා.
එසේම අදාළ නිදහස් කිරීම සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකර මාසයක් තුළ එම පරීක්ෂණ අවසන් කරන ලෙස ද නීතිපතිවරයා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත උපදෙස් දී තිබෙනවා.
බදුර්දීන් ‘නිදහස් කිරීමේ කළු පැල්ලම’ ජාලිය සේනාරත්න පිටින් යයි?
“රියාජ් බදුර්දීන් වහාම අත්අඩංගුවට ගන්න”, නිදහස් කිරීම ගැන ආණ්ඩු පක්ෂ මන්ත්‍රීන් 100ක් පරීක්ෂණයක් ඉල්ලයි
රිෂාඩ් හමුවීම ගැන චමල්ගෙන් ඡන්දදායකයින්ට පැහැදිලි කිරීමක්
20 වන සංශෝධනයට බදුර්දීන් සහය දෙයි ද?
නඩු නැතිවම රියාජ් බදුර්දීන් නිදහස්

