(RIVIRA.LK, 2020 ඔක්තෝම්බර් 12 පස්වරු 08.34ට)
කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් 2020 ඔක්තෝම්බර් මාසයේ දී පැවැත්වීමට තිබූ ආයතනික විභාගයන් කිහිපයක් දින නියමයක් නොමැතිව කල් දමන බව විභාග කොමසාරිස් ජනරාල් බී. සනත් පූජිත නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
ඒ අනුව, මේ මාසයේ දි පැවැත්වීමට තිබූ පහත සඳහන් විභාග දින නියමයක් නොමැතිව කල් යන බවත් අදාළ විභාග පැවැත්වෙන දින පසුව දැනුම් දෙන බවත් එම නිවේදනයේ සඳහන් වෙයි.


