(RIVIRA.LK, 2020 ඔක්තෝම්බර් 13 පෙරවරු 10.28ට)
හිටපු පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී, නීතිඥ ජාලිය සේනරත්න උතුරු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ පුද්ගලික සහකාරධූරයේ සිට විශේෂ රාජකාරි අවශ්‍යතා මත යළිත් කොළඹ පොලිස් මූලස්ථානය වෙත කැඳවා තිබෙනවා.
2020.10.12 දිනැති පොලිස් චක්‍රලේඛයක් මගින් වැඩ බලන පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න විසින් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ජාලිය සේනාරත්න, කොවිඩ්-19 පොලිස්පති පාලන මැදිරිය වෙත අනුයුක්ත කර තිබෙනවා.
2020.10.09 දිනැති ජාතික පොලිස් කොමිසමේ නියමයක් පරිදි මීට පෙර එම ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයාව විනය හේතු මත කන්කසන්තුරේ පොලිස් කොට්ඨාසයට මාරු කර උතුරු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ පුද්ගලික සහකාර ලෙස පත් කර තිබුණා.

