(RIVIRA.LK, 2020 ඔක්තෝම්බර් 13 පෙරවරු 11.10ට)
ගම්පහ දිස්ත්‍රික්කයේ පූගොඩ පොලිස්ථානය මගින් අත්අඩංගුවට ගෙන සිටි සැක කරුවෙකු ‘හදිසියේ ඇති වූ රෝගී තත්වයක් මත’ රාගම රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් තිබෙනවා.
ඔක්තෝම්බර් 11 දින අත්අඩංගුවට ගෙන ඇති 21 හැවිරිදි අදාළ තරුණයා ‘මත්ද්‍රව්‍ය සම්බන්ධ වැරදි’ සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇති බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සඳහන් කළා.
එසේම අදාළ තරුණයා මිය යාම සම්බන්ධයෙන් වැඩබලන පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න විසින් පරිදි වහාම පරීක්ෂණයක් සිදුකරන ලෙස උපදෙස් ලබා දී තිබෙනවා.
ඒ අනුව, කොළඹ අශ්වාරෝහක කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයාගේ ප්‍රධානත්වයෙන් එම පරික්ෂණ කටයුතු සිදුකරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සඳහන් කළේය
අදාළ විමර්ශනයේ දී එම මිය යාමට අදාළව පූගොඩ පොලිස්ථානයේ ස්ථානාධිපතිවරයා හෝ වෙනත් පොලිස් නිලධාරියෙකු අනිසි ලෙස කටයුතු කර ඇති බවට අනාවරණය වුවහොත් ඔවුන්ට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බව අජිත් රෝහණ සඳහන් කළේ ය.

