දේශීය පුවත්

රිෂාඩ් අත්අඩංගුවට ගන්නැයි නීතිපතිගෙන් පොලිස්පතිට උපදෙස්

(RIVIRA.LK, 2020 ඔක්තෝම්බර් 13 පස්වරු 02.08ට)

සමගි ජනබලවේගයේ වන්නි දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් චෝදනා දෙකක් මත අත්අඩංගුවට ගැනීම සඳහා අධිකරණයෙන් වරෙන්තු ලබාගන්නා ලෙස නීතිපතිවරයා ඔක්තෝම්බර් 13 දින වැඩබලන පොලිස්පතිවරයාට උපදෙස් ලබා දී තිබෙනවා.

රජයේ අරමුදල් අවභාවිත කිරීම සහ මැතිවරණ නීති උල්ලංඝනය කරමින් අවතැන් වූවන් ලංගම බස් රථ යොදා ගනිමින් ජනාධිපතිවරණයේ දී ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා ප්‍රවාහනය කිරීම යන චෝදනා සම්බන්ධයෙන් එම වරෙන්තුව ලබා ගන්නා ලෙස නීතිපතිවරයා උපදෙස් ලබා දී තිබෙනවා.

මීට අදාළව, හිටපු ඇමතිවරයා අප්‍රේල් 29 දින ශ්‍රේෂ්ඨාධීකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ද ගොනු කරමින් තමන්ව අත්අඩංගුවට ගැනීම වළක්වන්නැයි ඉල්ලා තිබුණි.

Rivira FB Group Rivira Youtube
To Top