දේශීය පුවත්

රිෂාඩ් අත්අඩංගුවට ගන්න වරෙන්තු අවශ්‍ය නෑ – අධිකරණය දැනුම් දෙයි

(RIVIRA.LK, 2020 ඔක්තෝම්බර් 13 පස්වරු 03.35ට)

සමගි ජනබලවේගයේ වන්නි දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් ඇතුළු තිදෙනෙක් අත්අඩංගුවට ගැනීමට අදාළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඉල්ලා සිටි වරෙන්තුව ලබා දීම කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් ඔක්තෝම්බර් 13 දින ප්‍රතික්ෂේප කර තිබෙනවා.

කොටුව මහේස්ත්‍රාත් අධිකරණය එම නියෝගය දෙමින් පවසා ඇත්තේ අදාළ පුද්ගලයන් තිදෙනා අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තුවක් ලබා ගැනීම අත්‍යවශ්‍ය නොවන බවයි.

රජයේ අරමුදල් අවභාවිත කිරීම සහ මැතිවරණ නීති උල්ලංඝනය කරමින් අවතැන් වූවන් ලංගම බස් රථ යොදා ගනිමින් ජනාධිපතිවරණයේ දී ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා ප්‍රවාහනය කිරීම යන චෝදනා සම්බන්ධයෙන් එම වරෙන්තුව ලබා ගන්නා ලෙස නීතිපතිවරයා උපදෙස් ලබා දී තිබෙනවා.

Rivira FB Group Rivira Youtube
To Top