(RIVIRA.LK, 2020 ඔක්තෝම්බර් 13 පස්වරු 04.45ට)
සමගි ජනබලවේගයේ වන්නි දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන්ගේ සොයුරෙක් වන රියාජ් බදියුදීන් විසින් තමා අත්අඩංගුවට ගැනීම වළක්වාලන්නැයි ඉල්ලා අභියාචනාධිකරණය හමුවේ රිට් පෙත්සමක් ගොනුකර තිබෙනවා.
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් තමා යළිත් අත්අඩංගුවට සූදානමක් ඇති බව කියා සිටින පෙත්සම්කකරු පෙන්වා දෙන්නේ එය දේශපාලනික වුවමාවක් මත සිදුවන බවයි.
එම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස වැඩ බලන පොලිස්පතිවරයා, අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව භාරව සිටි හිටපු නියෝජ්‍ය පොලිස්පති නුවන් වෙදිසිංහ, එම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ප්‍රසන්න ද අල්විස්, එම දෙපාර්තමේන්තුවේ ප්‍රධාන පොලිස් පරීක්ෂක මිහිඳු අබේසිංහ ඇතුළු හත් දෙනෙකු නම් කර තිබෙනවා.
පෙත්සම්කරු කියා සිටින්නේ පසුගිය අප්‍රේල් මස 14 වැනි දින අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව විසින් තමන්ව අත්අඩංගුවට ගෙන රැඳවුම් නියෝග මත තමාව රඳවා ගෙන තමන්ට අයත් නිවාස, දේපොළ, ව්‍යාපාර, බැංකු ගිනුම් යනාදිය පිළිබඳව පුළුල් අයුරින් විමර්ශන සිදුකළ බවයි.
එහිදී තමාට එරෙහිව තිබූ කිසිදු අපරාධමය චෝදනාවක් තහවුරු කළ හැකි සාක්ෂි තහවුරු නොවීම හේතුවෙන් තමාව මුදාහැරීමට එම දෙපාර්තමේන්තුව කටයුතු කළ බව ද සඳහන් කරයි. එසේ තිබියදි, විවිධ පාර්ශ්වයන් විසින් දේශපාලන වාසි ලබා ගැනීමට යළිත් තමාව අත්අඩංගුවට ගන්නා ලෙස සිදු කරන බලපෑම් හේතුවෙන් තමාව යළිත් අත්අඩංගුවට ගත හැකි බවට සාධාරණ බියක් මතුව ඇති බව ද පෙත්සම්කරු පෙන්වා දෙයි.
මාව අත්අඩංගුවට ගන්න කීම ජාතිවාදියි, දේශපාලනිකයි – රියාජ්
රියාජ් බදුර්දීන් නිදහස් කිරීම යුක්තිසහගත නොවේ – නීතිපති
බදුර්දීන් ‘නිදහස් කිරීමේ කළු පැල්ලම’ ජාලිය සේනාරත්න පිටින් යයි?
“රියාජ් බදුර්දීන් වහාම අත්අඩංගුවට ගන්න”, නිදහස් කිරීම ගැන ආණ්ඩු පක්ෂ මන්ත්‍රීන් 100ක් පරීක්ෂණයක් ඉල්ලයි
රිෂාඩ් හමුවීම ගැන චමල්ගෙන් ඡන්දදායකයින්ට පැහැදිලි කිරීමක්
20 වන සංශෝධනයට බදුර්දීන් සහය දෙයි ද?
නඩු නැතිවම රියාජ් බදුර්දීන් නිදහස්

