(RIVIRA.LK, 2020 ඔක්තෝම්බර් 13 පස්වරු 08.50ට)
ශ්‍රී ලංකාවේ දී වාර්තා වූ කොවිඩ්-19 ආසාදිතයින් සංඛ්‍යාව ඔක්තෝම්බර් 13 වන අඟහරුවාදා පස්වරු 08.30 වනවිට 5,038ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඒ දිනය තුළ තවත් ආසාදිතයින් 145ක් දෙනෙකු හඳුනාගැනීමත් සමගයි.
ඒ අනුව, දිනය තුළ හඳුනාගත් ආසාදිතයින් ගණන 194 දක්වා ඉහළ ගොස් ඇති අතර ඒ සියලු දෙනාම මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් පොකුරට අදාළව හඳුනාගෙන ඇති බව යුද හමුදාපතිවරයා සඳහන් කළා. ආසාදිතයින් 11 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිට වී තිබෙනවා.
බ්‍රැන්ඩික්ස් පොකුරට අදාළව මෙතෙක් වාර්තා වූ ආසාදිතයින් මෙසේ ය.
බ්‍රැන්ඩික්ස් කොරෝනා පොකුර ඔක්. 13 – 194 (පස්වරු 01.45ට වාර්තා කළ ආසාදිතයින් 39, පස්වරු 08.35ට වාර්තා කළ ආසාදිතයින් 145)
බ්‍රැන්ඩික්ස් කොරෝනා පොකුර ඔක්. 12 – 90
බ්‍රැන්ඩික්ස් කොරෝනා පොකුර ඔක්. 11 – 121
බ්‍රැන්ඩික්ස් කොරෝනා පොකුර ඔක්. 10 – 103
බ්‍රැන්ඩික්ස් කොරෝනා පොකුර ඔක්. 09 – 30
බ්‍රැන්ඩික්ස් කොරෝනා පොකුර ඔක්. 08 – 10
බ්‍රැන්ඩික්ස් කොරෝනා පොකුර ඔක්. 07 – 202
බ්‍රැන්ඩික්ස් කොරෝනා පොකුර ඔක්. 06 – 729
බ්‍රැන්ඩික්ස් කොරෝනා පොකුර ඔක්. 05 - 101
දිවුලපිටිය කාන්තාවගේ දියණිය ඔක්. 04 - 01
දිවුලපිටිය කාන්තාව ඔක්. 03 - 01
ඒ අනුව බ්‍රැන්ඩික්ස් කොරෝනා පොකුරේ සමස්ත ආසාදිතයින් ගණන 1,591 දක්වා ඉහළ ගොස් තිබෙනවා.
ඒ අනුව, මේ වනවිට නිකුත් කර ඇති වාර්තා අනුව සුවය ලබා ඇති මුළු සංඛ්‍යාව 3,328කි. සමස්ත ආසාදිතයින් අතුරින් 13 දෙනෙකුට දිවි අහිමි වී තිබෙනවා. සක්‍රීය ආසාදිතයින් ගණන 1,697ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. වෛද්‍ය අධීක්ෂණය යටතේ සිටින සැක සහිත රෝගීන් ගණන 432ක් බවද සඳහන් වේ.

