දේශීය පුවත්

රිෂාඩ් අත්අඩංගුවට ගැනීමට පොලීසිය අසමත් වෙයි, පැය 20ක් අවසන්

(RIVIRA.LK, 2020 ඔක්තෝම්බර් 14 පෙරවරු 11.28ට)

සමගි ජනබලවේගයේ වන්නි දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් අත්අඩංගුවට ගන්නා ලෙස නීතිපතිවරයා විසින් උපදෙස් ලබා දී පැය 20ක පමණ කාලයක් ගත වී තිබුණත් මන්ත්‍රීවරයාව අත්අඩංගුවට ගැනීමට පොලීසියට මෙතෙක් හැකියාවක් ලැබී නැත.

කෙසේ වෙතත් මන්ත්‍රීවරයාව අත්අඩංගුවට ගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් විශේෂ පොලිස් කණ්ඩායම් 6ක් යොදවා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති, නීතිඥ අජිත් රෝහණ සඳහන් කළා.

Rivira FB Group Rivira Youtube
To Top