News

අගමැති කාර්යාලයට නව අධ්‍යක්ෂ ජනරාල්වරුන් දෙදෙනෙක්

(RIVIRA.LK, 2020 ඔක්තෝම්බර් 14 පස්වරු 12.06ට)

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ විසින් අගමැති කාර්යාලය සඳහා නව අධ්‍යක්ෂ ජනරාල්වරුන් දෙදෙනෙකු පත් කර තිබෙනවා.

අගමැති මාධ්‍ය අංශය සඳහන් කළේ අග්‍රාමාත්‍ය මාධ්‍ය හා සන්නිවේදන අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස විජයානන්ද හේරත් පත් කරනු ලැබ ඇති අතර අග්‍රාමාත්‍ය විදේශ සම්බන්ධතා අධ්‍යක්ෂ ජනරාල් ලෙස අනුරාධා හේරත් පත් කරනු ලැබ ඇති බවයි.

මාධ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ලෙස පත් කෙරුණු විජයානන්ද හේරත් බොහෝ කලක සිට අගමැති මහින්ද රාජපක්ෂ යටතේ තනතුරු රැසක් දරා ඇති අයෙකි. 2019 නොවැම්ර්බර් මාසයේ දී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ විසින් ඔහුව අග්‍රාමාත්‍ය මාධ්‍ය ලේකම්වරයා ලෙස ද පත් කර තිබූ අතර වත්මන් අගමැතිවරයා ජනාධිපතිධූරයේ කටයුතු කළ සමයේ ජනාධිපති මාධ්‍ය සම්බන්ධීකරණ ලේකම්වරයා ලෙස ද කටයුතු කර තිබේ. එසේම මහින්ද රාජපක්ෂ, කම්කරු හා වෘත්තිය පුහුණු අමාත්‍යවරයාව සිටි සමයේ දී සහ ධීවර හා ජලජ සම්පත් අමාත්‍යවරයාගේ මාධ්‍ය ලේකම්වරයා ලෙස ද විජයානන්ද හේරත් කටයුතු කර තිබේ.

පේරාදෙණිය විශ්ව විද්‍යාලයෙන් විශේෂවේදී ගෞරව උපාධිධාරියෙකු වන විජයානන්ද හේරත් එම විශ්ව විද්‍යාලයේම සමාජ විද්‍යාව පිළිබඳ පශ්චාත් උපාධිය ද ලබාගෙන තිබේ.

විදේශ සබඳතා අධ්‍යක්ෂ ජනරාල් ලෙස පත් කෙරුණු අනුරාධා හේරත් මහින්ද රාජපක්ෂ, ජනාධිපතිවරයාව සිටිය දී ජනාධිපති ඩිජිටල් මාධ්‍ය අධ්‍යක්ෂවරිය ලෙස කටයුතු කර ඇති අතර 2013 වසරේ පැවැති පොදුරාජ්‍ය මණ්ඩලීය සම්මේලනයේ (චෝගම්) මාධ්‍ය ප්‍රකාශකවරිය ලෙසද කටයුතු කළා ය.

ඇමරිකාවේ ලුසියානා විශ්ව විද්‍යාලයේ ජන සන්නිවේදනය පිළිබඳ විද්‍යාවේදී උපාධිධාරිනියක වන ඇය නිව්යෝක් හී කොළොම්බියා විශ්ව විද්‍යාලයේ ජනමාධ්‍යවේදය පිළිබඳ ශ්‍රාස්ත්‍රපති උපාධිධාරිනියක ද වන අතර ලුසියානා විශ්වවිද්‍යාලයේ යාන්ත්‍රික ඉංජිනේරු විද්‍යා උපාධිධාරිනියක ද වේ.

Rivira FB Group Rivira Youtube
Rivira Ads
To Top