කොවිඩ්-19

කහපොල පිරිවෙනක භික්ෂූන් වහන්සේලා 69ක් ස්වයං නිරෝධායනයට

(RIVIRA.LK, 2020 ඔක්තෝම්බර් 14 පස්වරු 02.10ට)

කොළඹ දිස්ත්‍රික්කයේ, පිළියන්දල, කහපොල සිළුමිණිි සෑය පිරිවෙනේ වැඩ වාසය කරන භික්ෂූන් වහන්සේලා 69ක් ඇතුළු 84 දෙනෙකු එම පිරිවෙන තුළම ඔක්තෝම්බර් 13 වන දින රාත්‍රියේ සිට නිරෝධායනය සඳහා යොමු කිරීමට කටයුතු කළ බව පිළියන්දල පොලීසිය සඳහන් කරයි.

භික්ෂූන් වහන්සේ නමකගේ මවකට කොවිඩ් – 19 වෛරසය ආසාදනය වී ඇති බවට හඳුනාගැනිම හේතුවෙන් මෙම පියවර ගෙන ඇති බව කැස්බෑව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිනි වෛද්‍ය සමන්තිකා විජේසුන්දර සඳහන් කරයි.

එම භික්ෂූන් වහන්සේගේ මව කටුනායක නිදහස් වෙළඳ කලාපයේ සේවය කරන කාන්තාවක් වන අතර පසුගිය ඔක්තෝම්බර් 02 වැනි දින ඇය පිරිවෙනට පැමිණ භික්ෂූන් වහන්සේගේ සුවදුක් විමසා පැයක් පමණ ගත කර පිටත්ව ගොස් තිබෙනවා.

පසුව ඇයට කොවිඩ් – 19 වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇති අතර
ඒ අනුව, අදාළ පිරිවෙනේ භික්ෂූන් වහන්සේලා 69ක් සහ එහි වැඩ බිමක සේවය කරන පෙදරේරුවන් 15 දෙනෙකු මෙලෙස ස්වයං නිරෝධායනයට යොමු කර තිබෙනවා.

Rivira FB Group Rivira Youtube
Rivira Ads
To Top