කොවිඩ්-19

නිරෝධායනය අතරතුර බෝගම්බර රැඳවියෝ පැන යන්න තැත් කරති

(RIVIRA.LK, 2020 ඔක්තෝම්බර් 14 පස්වරු 02.25ට)

පැරණි බෝගම්බර බන්ධනාගාරයේ ස්ථාපිත නිරෝධායන මධ්‍යස්ථානයෙන් මත්ද්‍රව්‍ය භාවිතය සහ ජාවාරම් කිරීමේ චෝදනා මත රක්ෂිත බන්ධනාගාරගත කර සිටි රැඳවියන් 11 දෙනෙකු ඔක්තෝම්බර් 12 වන දින බන්ධනාගාරයෙන් පැන යාමට උත්සහා දරා තිබෙනවා.

එම රැඳවියන් විසින් සිය ඇලුමිනියම් පිගාන තියුණු ආයුධයක් සේ සකස් කර, බන්ධනාගාර නියාමකවරයෙක් බිය වද්දමින් පලා යාමට උත්සහා දරා ඇත. එම අවස්ථාවේ දී බන්ධනාගාර නිලධාරියා රැඳවියන් සමග පොර බදා ඇති අතර, තත්ත්වය පාලනය සඳහා සෙසු නිලධාරීන් ද සහය වී තිබෙනවා. කලහකාරි ලෙස හැසිරුණු රැඳවියන් පාලනය කිරීම සඳහා ආරක්ෂිත මුර කුටිවල සිටි නිලධාරීන් අහසට වෙඩි තැබිමක් ද සිදුකර ඇති බවත් වාර්තා වේ.

රැඳවියන් සමඟ පොර බැදීමෙන් සුළු තුවාල ලැබූ බන්ධනාගාර නියාමකවරයා රෝහල්ගත තිබෙන අතර මේ වන විට ඔහු සුවය ලබා රෝහලින් පිටව ගොස් ඇත.

අදාළ රැඳවියන් 11 දෙනා දැඩි ආරක්ෂිත රැකවල් යටතේ රැඳවීමට පියවර ගෙන තිබෙන බවත් අදාළ රැඳවියන් සිය දෙපාර්තමේන්තුවේ ත්‍රිපුද්ගල විනිශ්චය මඩුල්ලක් හමුවට ඉදිරිපත් කර, ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමට නියමිත බවත් බන්ධනාගාර කොමසාරිස් (පාලන) චන්දන ඒකනායක සඳහන් කළා.

Rivira FB Group Rivira Youtube
Rivira Ads
To Top