(RIVIRA.LK, 2020 ඔක්තෝම්බර් 14 පස්වරු 02.50ට – යාවත්කාලීන කිරීම පස්වරු 10.30ට)
ශ්‍රී ලංකාවේ දී වාර්තා වූ කොවිඩ්-19 ආසාදිතයින් සංඛ්‍යාව ඔක්තෝම්බර් 14 වන බදාදා පස්වරු 10.00 වනවිට 5,180ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඒ දිනය තුළ තවත් ආසාදිතයින් 02ක් දෙනෙකු හඳුනාගැනීමත් සමගයි.
ඒ අනුව, දිනය තුළ හඳුනාගත් ආසාදිතයින් ගණන 132 දක්වා ඉහළ ගොස් ඇති අතර ඉන් 130 දෙනෙකු මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් පොකුරට අදාළව හඳුනාගෙන ඇති බව යුද හමුදාපතිවරයා සඳහන් කළා. ආසාදිතයින් 29 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිට වී තිබෙනවා.
බ්‍රැන්ඩික්ස් පොකුරට අදාළව හඳුනාගත් එම ආසාදිතයින් 130 දෙනා අතරින් 10 දෙනෙකු නිරෝධායන මධ්‍යස්ථානවලින් හමු වී ඇති අතර අනෙක් 120 දෙනා ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් ලෙස හඳුනාගෙන තිබෙනවා.
එම පොකුරට අදාළව මෙතෙක් වාර්තා වූ ආසාදිතයින් මෙසේ ය.
බ්‍රැන්ඩික්ස් කොරෝනා පොකුර ඔක්. 14 – 130 (පස්වරු 02.15ට වාර්තා කළ ආසාදිතයින් 17,පස්වරු 02.15ට වාර්තා කළ ආසාදිතයින් 113)
බ්‍රැන්ඩික්ස් කොරෝනා පොකුර ඔක්. 13 – 194
බ්‍රැන්ඩික්ස් කොරෝනා පොකුර ඔක්. 12 – 90
බ්‍රැන්ඩික්ස් කොරෝනා පොකුර ඔක්. 11 – 121
බ්‍රැන්ඩික්ස් කොරෝනා පොකුර ඔක්. 10 – 103
බ්‍රැන්ඩික්ස් කොරෝනා පොකුර ඔක්. 09 – 30
බ්‍රැන්ඩික්ස් කොරෝනා පොකුර ඔක්. 08 – 10
බ්‍රැන්ඩික්ස් කොරෝනා පොකුර ඔක්. 07 – 202
බ්‍රැන්ඩික්ස් කොරෝනා පොකුර ඔක්. 06 – 729
බ්‍රැන්ඩික්ස් කොරෝනා පොකුර ඔක්. 05 - 101
දිවුලපිටිය කාන්තාවගේ දියණිය ඔක්. 04 - 01
දිවුලපිටිය කාන්තාව ඔක්. 03 - 01
ඒ අනුව බ්‍රැන්ඩික්ස් කොරෝනා පොකුරේ සමස්ත ආසාදිතයින් ගණන 1,721 දක්වා ඉහළ ගොස් තිබෙනවා.
ඒ අනුව, මේ වනවිට නිකුත් කර ඇති වාර්තා අනුව සුවය ලබා ඇති මුළු සංඛ්‍යාව 3,357කි. සමස්ත ආසාදිතයින් අතුරින් 13 දෙනෙකුට දිවි අහිමි වී තිබෙනවා. සක්‍රීය ආසාදිතයින් ගණන 1,800ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. වෛද්‍ය අධීක්ෂණය යටතේ සිටින සැක සහිත රෝගීන් ගණන 293ක් බවද සඳහන් වේ.

