(RIVIRA.LK, 2020 ඔක්තෝම්බර් 14 පස්වරු 04.21ට)
සමගි ජනබලවේගයේ වන්නි දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් ඇතුළු තිදෙනෙක් අත්අඩංගුවට ගන්නා ලෙස නීතිපතිවරයා නියෝග කර මේ වනවිට පැය 24ක් ඉක්මවා තිබෙනවා.
සිදුවීමට අදාළව අත්අඩංගුවට ගැනීම නියමිත තිදෙනා වන්නේ පා.ම. රිෂාඩ් බදියුදීන්, අවතැන්වූවන් නැවත පදිංචි කිරීමේ ව්‍යාපෘතියේ හිටපු අධ්‍යක්ෂ මොහොමඩ් සම්සුදීන් හා එම ව්‍යාපෘතියේ හිටපු ගණකාධිකාරී මනෝරන්ජන් අලගරත්නම් යන අයයි.
මන්ත්‍රීවරයාව අත්අඩංගුවට ගැනීමට පොලීසිය තවමත් අසමත් වී ඇති අතර සිදුවීමට අදාළව පුද්ගලයින් 04 දෙනෙක් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ. මන්ත්‍රීවරයා සොයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පොලිස් කණ්ඩායම් 06ක් පරීක්ෂණ සිදුකරන අතර කොළඹ පිහිටි නිවසේ මන්ත්‍රීවරයා නොසිටි බැවින් මන්නාරම නිවෙසට පොලිසිය ගොස් ඇත. එහෙත් මන්ත්‍රීවරයා සොයා ගැනීමට මෙතෙක් හැකි වී නැත.
ඒ අතර යහපාලන රජය යටතේ ක්‍රියාත්මක වූ “අවතැන් වූ පුද්ගලයින් නැවත පදිංචි කිරීමේ ව්‍යාපෘතියේ” ගණකාධිකාරීවරයා ලෙස කටයුතු කළ මනෝරන්ජන් අලගරත්නම්, කිරුලපන දී අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහුව ඔක්තෝම්බර් 13 දිනයේම අත්අඩංගුවට ගැනීමට හැකි වූ බව පොලිස් ආරංචි මාර්ග පවසයි.
මේ අතර, පාර්ලිමේන්තු මන්ත්‍රි රිෂාඩ් බදියුදීන්ගේ ආරක්ෂක නිලධාරියෙකු ලෙස කටයුතු කළ පොලිස් කොස්තාපල්වරයෙකු වැල්ලවත්ත ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කළා. ඒ සැකකරුවෙකු ලෙස නම් කර සිටි පුද්ගලයෙකු ආරක්ෂක නිලධාරියාව සිටිය දී පොලිස් නිලධාරියෙකු ලෙස සිදුකළ යුතුව තිබූ රාජකාරි පැහැර හැරීම සම්බන්ධයෙනි.
එහිදී, හිටපු අමාත්‍යවරයා විසින් භාවිත කළ බව කියන මෝටර් රථ දෙකක් සහ ඒ තුළ තිබූ ගිනි අවි දෙකක් ද පොලිස් භාරයට ගෙන ඇති බව ද වැඩිදුරටත් වාර්තා වේ. මෝටර් රථවල රියදුරන් ලෙස කටයුතු කර ඇති පුත්තලම ප්‍රදේශයේ පදිංචිකරුවන් දෙදෙනෙකු ද අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය සඳහන් කරයි.
රිෂාඩ් අත්අඩංගුවට ගැනීමට පොලීසිය අසමත් වෙයි
රිෂාඩ් අත්අඩංගුවට ගන්න වරෙන්තු අවශ්‍ය නෑ – අධිකරණය
රිෂාඩ් අත්අඩංගුවට ගන්නැයි නීතිපතිගෙන් පොලිස්පතිට උපදෙස්

