(RIVIRA.LK, 2020 ඔක්තෝම්බර් 14 පස්වරු 06.25ට)
පොලිස් කණ්ඩායම් 06ක් විසින් අත්අඩංගුවට ගැනීමට විමර්ශන සිදුකරන සමගි ජනබලවේගයේ වන්නි දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන්ට විදෙස් ගමන් තහනම් කිරීමේ නියෝගයක් කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය විසින් නිකුත් කර තිබෙනවා.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කළ ඉල්ලීමක් අනුව එම නියෝගය නිකුත් කර ඇති අතර නීතිපතිවරයාගේ උපදෙස් මත පොදු දේපළ පනත යටතේ අත්අඩංගුවට ගැනීමට සොයන රිෂාඩ් බදියුදීන් හා මොහොමඩ් සම්සුදීන් යට අයට විදෙස්ගත වීම වළක්වාලමින් මෙම නියෝගය නිකුත් කර තිබෙනවා.
නීතිපතිවරයා අත්අඩංගුවට ගන්නැයි නියෝග කළ තිදෙනාගෙන් මෙතෙක් අත්අඩංගුවට ගෙන ඇත්තේ මනෝරන්ජන් අලගරත්නම් නැමැති ගණකාධිකාරිවරයා පමණයි.
මනෝරන්ජන් අලගරත්නම්ව කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඔක්තෝම්බර් 26 දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අධිකරණය නියෝග කර තිබෙනවා.
දිනක් ගතවෙයි: රිෂාඩ් අතුරුදන්; 4ක් අත්අඩංගුවට
රිෂාඩ් අත්අඩංගුවට ගැනීමට පොලීසිය අසමත් වෙයි
රිෂාඩ් අත්අඩංගුවට ගන්න වරෙන්තු අවශ්‍ය නෑ – අධිකරණය
රිෂාඩ් අත්අඩංගුවට ගන්නැයි නීතිපතිගෙන් පොලිස්පතිට උපදෙස්

