කොවිඩ්-19

කටුනායකටත් ඇඳිරි නීතිය පනවයි

(RIVIRA.LK, 2020 ඔක්තෝම්බර් 14 පස්වරු 06.50ට)

ගම්පහ දිස්ත්‍රික්කයේ මීගමුව පොලිස් කොට්ඨාසයේ කටුනායක පොලිස් බලප්‍රදේශයටත් ඔක්තෝම්බර් 15 පෙරවරු 05.00 සිට ක්‍රියාත්මක වන පරිදි නිරෝධායන ඇඳිරි නීතිය පනවා ඇති බව යුද හමුදාපති, ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ඔක්තෝම්බර් 14 දින සඳහන් කළා.

එම ඇඳිරි නීතිය යළි දැනුම්දෙනතුරු ක්‍රියාත්මක බවත්, නිදහස් වෙළඳ කලාපයේ සේවක සේවිකාවන් සඳහා සේවයට යාමට තම හඳුනුම්පත ඇඳිරි නීති බලපත්‍රයක් ලෙස භාවිතා කළ හැකි බවත් යුද හමුදාපතිවරයා සඳහන් කළා.

ඒ අනුව ගම්පහ දිස්ත්‍රික්කයේ පොලිස් බල ප්‍රදේශ 19ක් සඳහා නිරෝධායන ඇඳිරිනීතිය ක්‍රියාත්මක බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසනවා.

Rivira FB Group Rivira Youtube
To Top