දේශීය පුවත්

තමා අත්අඩංගුවට ගැනීම වළක්වන්නැයි ඉල්ලා රිෂාඩ්ගෙන් අභියාචනාධිකරණයට පෙත්සමක්

(RIVIRA.LK, 2020 ඔක්තෝම්බර් 15 පෙරවරු 11.10ට)

සමගි ජනබලවේගයේ වන්නි දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් විසින් තමන් අත්අඩංගුවට ගැනීම වළක්වන්නැයි ඉල්ලා තම නීතිඥවරුන් මගින් අභියාචනාධිකරණය වෙත රිට් පෙත්සමක් ඉදිරිපත් කර තිබෙනවා.

අදාළ මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගන්නැයි නීතිපතිවරයා විසින් නියෝග කොට පැය 40ක් පමණ ගතව ඇතත් මෙතෙක් මන්ත්‍රීවරයාව අත්අඩංගුවට ගැනීමට පොලීසිය සමත් වී නොමැත.

මේ අතර කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් රිෂාඩ් බදියුදීන්ගේ විදෙස් ගමන් තහනම් කරමින් ඔක්තෝම්බර් 14 දින නියෝගයක් නිකුත් කර තිබෙනවා.

එසේම පොලීසිය කළ වැටලීමක දී මන්ත්‍රීවරයා විසින් පරිහරණය කළ බවට සැකපිට වාහන දෙකක් සහ එහි තිබූ අවි කිහිපයක් පතොරම් ද සමග අත්අඩංගුවට ගෙන ඇති අතර ඒවායේ රියදුරුවරුන් ලෙස කටයුතු කළ දෙදෙනෙකු ද අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.

Rivira FB Group Rivira Youtube
To Top