(RIVIRA.LK, 2020 ඔක්තෝම්බර් 15 පස්වරු 12.13ට)
කොවිඩ්-19 වෛරසයෙන් ශ්‍රී ලංකාවට එල්ල වී ඇති අභියෝගය හමුවේ පාසැල් නිවාඩු දීමට අධ්‍යාපන අමාත්‍යංශය පසුගිය දා නියෝග කර තිබිය දී එම නියෝගය හා නිරෝධායන නීති උල්ලංඝනය කරමින් මාලිගාවත්ත ප්‍රදේශයේ පවත්වාගෙන ගිය අරාබි පාසලක රැස්ව සිටි සිසුන් පිරිසක් හා ගුරුවරුන් පාසල තුළම නිරෝධායනයට යොමු කිරීමට මාලිගාවත්ත පොලීසිය කටයුතු කර තිබෙනවා.
මේ අනුව සිසුන් 28 දෙනෙකු හා ගුරුවරු දෙදෙනෙකු නිරෝධායනයට ලක් කර ඇති බව ප්‍රදේශය භාර මහජන සෞඛ්‍ය පරීක්ෂක කාර්යාලය සඳහන් කළා.

