,
Covid-19

Brandix පොකුරට අදාළව තවත් ආසාදිතයින් 68ක්

(RIVIRA.LK, 2020 ඔක්තෝම්බර් 15 පස්වරු 05.52ට – යාවත්කාලීන කිරීම පස්වරු 11.00ට)

ශ්‍රී ලංකාවේ දී වාර්තා වූ කොවිඩ්-19 ආසාදිතයින් සංඛ්‍යාව ඔක්තෝම්බර් 15 වන බ්‍රහස්පතින්දා පස්වරු 10.00 වනවිට 5,244ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඒ දිනය තුළ තවත් ආසාදිතයින් 06ක් දෙනෙකු හඳුනාගැනීමත් සමගයි.

ඒ අනුව, දිනය තුළ හඳුනාගත් ආසාදිතයින් ගණන 74ක් වන අතර ඉන් 69 දෙනෙකු මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් පොකුරට අදාළව හඳුනාගෙන ඇති බව යුද හමුදාපතිවරයා සඳහන් කළා. දිනය තුළ ආසාදිතයින් 23 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිට වී තිබෙනවා.

Brandix පොකුරට අදාළව හඳුනාගත් එම ආසාදිතයින් 68 දෙනා අතරින් 22 දෙනෙකු නිරෝධායන මධ්‍යස්ථානවලින් හමු වී ඇති අතර අනෙක් 46 දෙනා ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් ලෙස හඳුනාගෙන තිබෙනවා.

එම පොකුරට අදාළව මෙතෙක් වාර්තා වූ ආසාදිතයින් මෙසේ ය.

ඒ අනුව බ්‍රැන්ඩික්ස් කොරෝනා පොකුරේ සමස්ත ආසාදිතයින් ගණන 1,789 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ඒ අනුව, මේ වනවිට නිකුත් කර ඇති වාර්තා අනුව සුවය ලබා ඇති මුළු සංඛ්‍යාව 3,380කි. සමස්ත ආසාදිතයින් අතුරින් 13 දෙනෙකුට දිවි අහිමි වී තිබෙනවා. සක්‍රීය ආසාදිතයින් ගණන 1,851ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. වෛද්‍ය අධීක්ෂණය යටතේ සිටින සැක සහිත රෝගීන් ගණන 322ක් බවද සඳහන් වේ.

Rivira Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top