දේශීය පුවත්

යෝෂිත රාජපක්ෂ අග්‍රාමාත්‍ය කාර්ය මණ්ඩල ප්‍රධානී ලෙස පත් වූ ලාබාලතමයා බවට පත් වෙයි

(RIVIRA.LK, 2020 ඔක්තෝම්බර් 16 පෙරවරු 11.12ට)

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ විසින් අග්‍රාමාත්‍ය කාර්ය මණ්ඩල ප්‍රධානී ලෙස නාවික හමුදා නිලධාරී, ලුතිනන් කමාන්ඩර් යෝෂිත රාජපක්ෂ පත් කර තිබෙනවා.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ දෙවන පුත්‍රයා වන යෝෂිත රාජපක්ෂ එම ධූරයට පත් වූ ලාබාලතම පුද්ගලයා වන අතර 1988 ජූනි මස 12 දින උපත ලබා ඇති ඔහු මේ වනවිට 32 හැවිරියේ පසුවෙයි.

ශ්‍රී ලංකාවේ වැඩ බලන චීන තානාපති හූ වෙයි යෝෂිත රාජපක්ෂ හමු වී සුබ පැතුම් එක්කළ බව ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් චීන තානාපති කාර්යාලය පවසයි.

Rivira FB Group Rivira Youtube
To Top