(RIVIRA.LK, 2020 ඔක්තෝම්බර් 16 පස්වරු 01.00ට)
මහනුවර, ගොඩනැගිල්ලක විදුලි සෝපානයක් කඩා වැටී එහි සිටි දෙදෙනෙකු මිය ගොස් ඇති බව මහනුවර පොලීසිය සඳහන් කළා.
මහනුවර, ධර්මාශෝක මාවතේ පිහිටා ඇති නිමි ඇඳුම් අලෙවි සැලක අළුත්වැඩියා කටයුත්තක නිරත වෙමින් සිටි පෙදරේරුවරුන් දෙදෙනෙකු එහි තිබූ තාවකාලික විදුලි සෝපානය කඩා වැටීමෙන් මෙලෙස මියගොස් ඇති බව වැඩිදුරටත් වාර්තා වේ.
මිය ගිය අය අතර අම්බලන්ගොඩ ගුරුගෙදර අරවින්ද නැමැති 54 හැවිරිදි මහනුවර ඔගස්ටාවත්ත ප්‍රදේශයේ පදිංචි පුද්ගයෙකු සහ උපාලි ජයරත්න නැමැති 54 හැවිරිදි කටුගස්තොට, උඩුවාවල ප්‍රදේශයේ පදිංචි පුද්ගයෙකු සිටින බව වාර්තා වේ.
අදාළ සිදුවීම සම්බන්ධයෙන් මේ වනවිට පුද්ගලයින් කිහිපදෙනෙකුගෙන් ප්‍රකාශ සටහන් කරගෙන ඇති අතර මහනුවර මුලස්ථාන පොලීසිය වැඩිදුර පරික්ෂණ සිදුකරන බව ද වාර්තා වේ.

