(RIVIRA.LK, 2020 ඔක්තෝම්බර් 16 පස්වරු 03.02ට)
කලා ක්ෂේත්‍රයෙක් ජ්‍යෙෂ්ඨ හා ප්‍රවීන ශිල්පිනියක වන අනුලා බුලත්සිංහල (අනුලා මෙන්ඩිස්) මහත්මිය අභාවප්‍රාප්ත වී තිබෙනවා. අසනීප තත්ත්වයක් හේතුවෙන් ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිය දී ඔක්තෝම්බර් 16 දින ඇය අභාවප්‍රාප්ත වී තිබෙනවා.
ප්‍රවීන නාට්‍යවේදී ලූෂන් බුලත්සිංහලගේ බිරිඳ වන අනුලා බුලත්සිංහලගේ පුත්‍රයා වන්නේ හර්ෂ බුලත්සිංහල යි. ඇය ට දියණියක් ද සිටී.
වේදිකාව, සිනමාව හා ටෙලි තිරය යන මාධ්‍ය ත්‍රිත්වය තුළ ම රංගන ශිල්පිණියක ලෙස කටයුතු කළ ඇය නර්ථනය හා ගායනය තුළින් ශ්‍රාවක ප්‍රේක්ෂක ප්‍රජාව අතර ජනප්‍රියත්වයට පැමිණි කලාකාරිනියකි.
හලාවත මාදම්පේ ප්‍රදේශයේ උපත ලබා ඇති ඇය මිය යන විට 73 වන වියේ පසු විය. දරුවන් පස් දෙනෙකුගෙන් යුත් පවුලේ වැඩිමහල් දරුවා වන අනුලා මෙන්ඩිස් (විවාහයෙන් පසු අනුලා බුලත්සිංහල) කරුක්කුව සුගතානන්ද මහා විද්‍යාලයෙන් සිය මූලික අධ්‍යාපනය ලබා ගැනීමෙන් අනතුරුව සතොස ආයතයේ සේවිකාවක් ලෙස කටයුතු කර ඇත.
සමුපකාර තොග වෙළෙඳ සංස්ථාවේ රැකියාව කළ සමයේ එහිම සේවය කළ ආර්.ආර්. සමරකෝන් නාට්‍යකරුවාගේ නිර්මාණයකින් අනුලා වේදිකා නාට්‍ය ක්ෂේත්‍රයට පිවිසී ඇත. ආර්.ආර්. සමරකෝන් සතොස කලා කවය වෙනුවෙන් නිර්මාණය කළ 1967 දී වේදිකාගත වූ ලෙඩක් නැති ලෙඩෙක් ඇගේ ප‍්‍රථම රංගනය වීය. විසි හැවිරිදි වියේදී රංගනයෙන් හා ගායනයෙන් පේ‍්‍රක්ෂකයන් හමුවට පැමිණෙන අනුලා එදා මෙදා තුර සිංහල වේදිකා නාට්‍යයෙහි දැවන්තයන් රැසකගේ නිෂ්පාදන කිහිපයකම රඟපාමින් අනුලා බුලත්සිංහල මුද්‍රාව තබා ඇත.
රතු හැට්ටකාරි, තාරාවෝ ඉඟිලෙති, මධුර ජවනිකා, කුවේණි, මහාසාර, ලෙඩෙක් නැති ලෙඩක්, චරිත දෙකක් වැනි වේදිකා නාට්‍යවල ද නිල් දිය යහන, ගෝල් වැනි සිනමාපටවලට ද ඇය රංගනයෙන් දායක වී ඇත.
සිනමාවේ නිල් දිය යහන, භවත‍්‍රා, අසන්දිමිත්තා, ගෝල් වැනි චිත‍්‍රපට සඳහා ඇගේ රංගන දායකත්වය සපයා ඇති අතර ගායිකාවක් ලෙස ඇගේ අනන්‍යතාව සලකුණු කළ ගීත රැසක් ඇත. ඒ අතර දී කිරි දී කිරි, රඟහල දැන් ඇත අඩ අඳුරේ, පන්සල පාමුල, බුදුන් වඳින මේ දෑතින්, සුදු ඔසරිය ඇඳලා, ඇතුළු ගීත රැසක් ද ඇත.
(මෙහි ඇතුළත් කරුණු සඳහා බුද්ධදාස ගලප්පති විසින් ලියූ ලිපියකින් කරුණු උපුටාගෙන ඇත. ඡායාරූප – දයාන් විතරණ හා හර්ෂ බුලත්සිංහල කලාකරුවන්ගේ ෆේස්බුක් ගිණුම්වලින් උපුටාගෙන ඇත.)

