RIVIRA.LK, 2020 ඔක්තෝම්බර් 16 පස්වරු 05.43ට)
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කිරීම සඳහා වූ “විසිවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය” පනත් කෙටුම්පත පිළිබඳ දෙවනවර කියැවීමේ විවාදය සඳහා ඔක්තෝම්බර් 21 සහ 22 යන දෙදින වෙන් කර තිබෙනවා.
ඔක්තෝම්බර් 16 දින පැවැත් වූ පක්ෂ නායක රැස්වීමේ දී මෙම තීරණය ගෙන ඇති බව කථානායක මාධ්‍ය අංශය සඳහන් කළා.
මෙම රැස්වීමේ දී 20 වන සංශෝධනය සම්බන්ධයෙන් විවාද කිරීම සඳහා දින 03ක් ලබාදෙන ලෙස විපක්ෂයෙන් කළ ඉල්ලීම ප්‍රතික්ෂේප වූ බව ජාතික ජනබලවේගයේ නායක, කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක සඳහන් කළා.
20ට එරෙහි පෙත්සම් ගැන ශ්‍රේෂ්ඨාධීකරණයේ රහසිගත නිගමනය කථානායක වෙත යොමු කරයි

