(RIVIRA.LK, 2020 ඔක්තෝම්බර් 16 පස්වරු 10.15ට)
ශ්‍රී ලංකාවේ දී වාර්තා වූ කොවිඩ්-19 ආසාදිතයින් සංඛ්‍යාව ඔක්තෝම්බර් 16 වන සිකුරාදා පස්වරු 10.00 වනවිට 5,354ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඒ දිනය තුළ තවත් ආසාදිතයින් 110 දෙනෙකු හඳුනාගැනීමත් සමගයි.
ඒ අනුව, දිනය තුළ හඳුනාගත් ආසාදිතයින් ගණන 110ක් වන අතර ඔවුන් සියලු දෙනාම මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් පොකුරට අදාළව හඳුනාගෙන ඇති බව යුද හමුදාපතිවරයා සඳහන් කළා. දිනය තුළ ආසාදිතයින් 05 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිට වී තිබෙනවා.
Brandix පොකුරට අදාළව හඳුනාගත් එම ආසාදිතයින් 110 දෙනා අතරින් 38 දෙනෙකු නිරෝධායන මධ්‍යස්ථානවලින් හමු වී ඇති අතර අනෙක් 72 දෙනා ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් ලෙස හඳුනාගෙන තිබෙනවා.
එම පොකුරට අදාළව මෙතෙක් වාර්තා වූ ආසාදිතයින් මෙසේ ය.
බ්‍රැන්ඩික්ස් කොරෝනා පොකුර ඔක්. 16 – 110 (පස්වරු 02.30ට වාර්තා කළ ආසාදිතයින් 61,පස්වරු 07.00ට වාර්තා කළ ආසාදිතයින් 49)
බ්‍රැන්ඩික්ස් කොරෝනා පොකුර ඔක්. 15 – 68
බ්‍රැන්ඩික්ස් කොරෝනා පොකුර ඔක්. 14 – 130
බ්‍රැන්ඩික්ස් කොරෝනා පොකුර ඔක්. 13 – 194
බ්‍රැන්ඩික්ස් කොරෝනා පොකුර ඔක්. 12 – 90
බ්‍රැන්ඩික්ස් කොරෝනා පොකුර ඔක්. 11 – 121
බ්‍රැන්ඩික්ස් කොරෝනා පොකුර ඔක්. 10 – 103
බ්‍රැන්ඩික්ස් කොරෝනා පොකුර ඔක්. 09 – 30
බ්‍රැන්ඩික්ස් කොරෝනා පොකුර ඔක්. 08 – 10
බ්‍රැන්ඩික්ස් කොරෝනා පොකුර ඔක්. 07 – 202
බ්‍රැන්ඩික්ස් කොරෝනා පොකුර ඔක්. 06 – 729
බ්‍රැන්ඩික්ස් කොරෝනා පොකුර ඔක්. 05 - 101
දිවුලපිටිය කාන්තාවගේ දියණිය ඔක්. 04 - 01
දිවුලපිටිය කාන්තාව ඔක්. 03 - 01
ඒ අනුව බ්‍රැන්ඩික්ස් කොරෝනා පොකුරේ සමස්ත ආසාදිතයින් ගණන 1,899 දක්වා ඉහළ ගොස් තිබෙනවා. එය මෙරටින් වාර්තා වූ සමස්ත ආසාදිතයින් ප්‍රමාණයෙන් 35% ඉක්මවූ ප්රමාණයකි.
ඒ අනුව, මේ වනවිට නිකුත් කර ඇති වාර්තා අනුව සුවය ලබා ඇති මුළු සංඛ්‍යාව 3,385කි. සමස්ත ආසාදිතයින් අතුරින් 13 දෙනෙකුට දිවි අහිමි වී තිබෙනවා. සක්‍රීය ආසාදිතයින් ගණන 1,956ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. වෛද්‍ය අධීක්ෂණය යටතේ සිටින සැක සහිත රෝගීන් ගණන 316ක් බවද සඳහන් වේ.

