(RIVIRA.LK, 2020 ඔක්තෝම්බර් 17 පෙරවරු 11.30ට)
ගාල්ල දිස්ත්‍රික්කයට අයත් හික්කඩුව පොලිස් ස්ථානය මගින් අත්අඩංගුවට ගත් කාන්තාවක් පොලිස් අත්අඩංගුවේදී මිය ගොස් තිබෙනවා. ඔක්තෝම්බර් 13 දින අත්අඩංගුවට ගෙන ඇති 52 හැවිරිදි අදාළ කාන්තාව ‘මත්ද්‍රව්‍ය සම්බන්ධ වැරදි’ සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇති බව හික්කඩුව පොලීසිය පවසනවා.
හික්කඩුව කලුපේ ප්‍රදේශයේ පදිංචි අදාළ කාන්තාව ඔක්තෝම්බර් 13 දින හික්කඩුව පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිළධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කර තිබෙනවා. ඒ අතරතුර දී අදාළ සැකකාරියට ඇතිවූ හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන් ඇය කාරාපිටිය රෝහලට ඇතුළත් කර ඇති අතර ඔක්තෝම්බර් 16 පස්වරුවේ දී අදාළ කාන්තාව මියගොස් තිබෙනවා.
කෙසේ වෙතත්, අදාළ මරණය, පහරදීමකින් සිදු වූ බවට චෝදනා කරමින් ඇයගේ ඥාතීන් පිරිසක් ඔක්තෝම්බර් 16 පස්වරුවේ හික්කඩුව පොලීසිය ඉදිරිපිටදී විරෝධතාවයක නිරත විය.
සිරුර පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කිරීමට නියමිත අතර මෙතෙක් ඇයගේ මරණයට හේතුව නිශ්චිතව අනාවරණය වී නොමැති අතර සිදුවීම සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මක බව පොලීසිය පවසයි.
මෙය සතියක් තුළ පොලිස් අත්අඩංගුවේ සිටිය දී සැකකරුවෙකු මිය ගිය දෙවැනි අවස්ථාව යි. මීට පෙර ගම්පහ දිස්ත්‍රික්කයේ පූගොඩ පොලිස් ස්ථානය මගින් අත්අඩංගුවට ගෙන සිටි 21 හැවිරි තරුණයෙකු ඔක්තෝම්බර් 13 දින මිය ගියා.
එහිදී ද ප්‍රදේශවාසීන් චෝදනා කර සිටියේ අදාළ තරුණයාට පොලීසිය පහර දී ඇති බවයි. කෙසේ වෙතත් මේ වනවිට එම සිදුවීමට අදාළ පොලිස් පරීක්ෂකවරයෙකු ඇතුළු පොලිස් නිලධාරීන් දෙදෙනෙකුගේ වැඩ තහනම් කොට තිබෙනවා.
පූගොඩ පොලිසියේ අත්අඩංගුවේ සිටි 21 හැවිරිදි තරුණයෙක් මිය යයි

