,
Covid-19

Brandix පොකුරේ ආසාදිතයින් ගණන 2000 පනි

(RIVIRA.LK, 2020 ඔක්තෝම්බර් 17 පස්වරු 05.02ට යාවත්කාලීන කිරීම පස්වරු 10.25ට)

ශ්‍රී ලංකාවේ දී වාර්තා වූ කොවිඩ්-19 ආසාදිතයින් සංඛ්‍යාව ඔක්තෝම්බර් 17 වන සෙනසුරාදා පස්වරු 07.00 වනවිට 5,475ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඒ දිනය තුළ තවත් ආසාදිතයින් 42 දෙනෙකු හඳුනාගැනීමත් සමගයි.

ඒ අනුව, දිනය තුළ ආසාදිතයින් 115 දෙනෙකු හඳුනා ගෙන ඇති අතර ඔවුන් සියලු දෙනාම මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් පොකුරට අදාළව හඳුනාගෙන ඇති බව යුද හමුදාපතිවරයා සඳහන් කළා. දිනය තුළ ආසාදිතයින් 10 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිට වී තිබෙනවා.

Brandix පොකුරට අදාළව හඳුනාගත් එම ආසාදිතයින් 42 දෙනා අතරින් 22 දෙනෙකු නිරෝධායන මධ්‍යස්ථානවලින් හමු වී ඇති අතර අනෙක් 20 දෙනා ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් ලෙස හඳුනාගෙන තිබෙනවා.

එම පොකුරට අදාළව මෙතෙක් වාර්තා වූ ආසාදිතයින් මෙසේ ය.

ඒ අනුව බ්‍රැන්ඩික්ස් කොරෝනා පොකුරේ සමස්ත ආසාදිතයින් ගණන 2,014 දක්වා ඉහළ ගොස් තිබෙනවා. එය මෙරටින් වාර්තා වූ සමස්ත ආසාදිතයින් ප්‍රමාණයෙන් 36% ඉක්මවූ ප්‍රමාණයකි.

ඒ අනුව, මේ වනවිට නිකුත් කර ඇති වාර්තා අනුව සුවය ලබා ඇති මුළු සංඛ්‍යාව 3,395කි. සමස්ත ආසාදිතයින් අතුරින් 13 දෙනෙකුට දිවි අහිමි වී තිබෙනවා. සක්‍රීය ආසාදිතයින් ගණන 2,067ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. වෛද්‍ය අධීක්ෂණය යටතේ සිටින සැක සහිත රෝගීන් ගණන 255ක් බවද සඳහන් වේ.

Rivira Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top