(RIVIRA.LK, 2020 ඔක්තෝම්බර් 17 පස්වරු 06.02ට)
විදෙස් සේවයට පත් වූ නව රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන් සිව් දෙනෙක් ඔක්තේම්බර් 16 පස්වරුවේ දී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ හමු වී තිබෙනවා. ඒ, අරලියගහ මන්දිරයේ දීය.
නිව්යෝර්ක් හි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකාවේ නිත්‍ය නියෝජිත ලෙස පත් කළ මොහාන් පීරිස්, චීනයේ නව තානාපති ආචාර්ය පාලිත කොහොන, ජපානයේ නව තානාපති සාජිව් ගුණසේකර හා ජිනීවා හි ශ්‍රී ලංකාවේ නිත්‍ය නියෝජිත සී. ඒ. චන්ද්‍රපේම මෙසේ අග්‍රාමාත්‍යතුමා හමුවූහ.
විදෙස් තානාපති සේවයට යන රාජ්‍ය තාන්ත්‍රික නියෝජිතයින්ට අග්‍රාමාත්‍යතුමා මෙහිදී සුබ පැතුම් එක් කළේය. නව පත්වීම් ලද මෙම රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන් නොබෝ දිනකින් සිය තානාපති සේවය සඳහා විදෙස්ගතවීමට නියමිතයි.

