(RIVIRA.LK, 2020 ඔක්තෝම්බර් 17 පස්වරු 06.30ට)
කහවත්ත, නිලගමවත්ත ප්‍රදේශයේ අනවසරයෙන් පතලක් කපමින් සිටි පුද්ගලයින් දෙදෙනෙකු මතට පස් කන්ද කඩා වැටීමෙන් සිදු වූ අනතුරකින් එක් අයෙක් ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලීසිය සඳහන් කරයි.
එහිදී, බරපතල තුවාල ලැබූ දෙදෙනාගෙන් එක් අයෙකු කහවත්ත රෝහලට ඇතුළත් කර තිබෙනවා. ජීවිතක්ෂයට පත් වූ පුද්ගලයා පැල්මඩුල්ල ප්‍රදේශයේ පදිංචි 21 හැවිරිදි වියේ පසුවන්නෙකි.
සිද්ධිය සම්බන්ධයෙන් කහවත්ත පොලීසිය වැඩිදුර පරීක්ෂණ කටයුතු සිදු කරයි.

