,
Criminal Records

පූගොඩ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් අට දෙනෙකු අත්අඩංගුවට

(RIVIRA.LK, 2020 ඔක්තෝම්බර් 18 පස්වරු 02.06ට)

ගම්පහ දිස්ත්‍රික්කයට අයත් පූගොඩ පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන සිටියදී ඔක්තෝම්බර් 13 දින ‘ඇති වූ හදිසි අසනීප තත්ත්වයක්’ හේතුවෙන් රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව තරුණයෙකු මිය යෑමේ සිද්ධියට අදාළව සැකකරුවන් අට දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. එම සැකකරුවන් අට දෙනා අතර පොලිස් සැරයෙන්වරයෙක් ද සිටින බව සඳහන් වේ.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩබලන පොලිස්පතිවරයාගේ උපදෙස් මත තවදුරටත් පුළුල් පරීක්ෂණ සිදු කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සඳහන් කරයි.

ගම්පහ සහකාර පොලිස් අධිකාරී විසින් මෙම සිද්ධිය සම්බන්ධයෙන් සිදු කරන ලද මූලික විමර්ශනයන්ට අදාළව ඔක්තෝම්බර් මස 16 වන දින පූගොඩ පොලීසියේ පොලිස් පරීක්ෂකවරයෙකුගේ සහ පොලිස් සැරයන්වරයෙකුගේ වැඩ තහනම් කරනු ලැබුවා.

ඒ අනුව, පූගොඩ පොලිස් ස්ථානාධිපති, පොලිස් පරීක්ෂක ඩබ්.එම්.එස්. වන්නිආරච්චි, පූගොඩ පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිධූරයේ සිට මන්නාරම පොලිස් කොට්ඨාසයේ සාමාන්‍ය රාජකාරි සඳහා මාරු කර යවා ඇති අතර වැඩ තහනමක් පැනවීමට ද කටයුතු කර ඇත.

පූගොඩ පොලීසිය මඟින් ‘මත්ද්‍රව්‍ය සම්බන්ධ වැරදි’ සම්බන්ධයෙන් පසුගිය ඔක්තෝම්බර් 11 වන දින අත්අඩංගුවට ගෙන සිටිය දී 21 හැවිරිදි තරුණයෙක් ‘හදිසියේ ඇති වූ රෝගී තත්වයක් මත’ පූගොඩ ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු රාගම රෝහලට මාරු කර යවා ඇති අතර එහිදී ජීවිතක්ෂයට පත් විය.

කෙසේ වෙතත්, ඔහුගේ පවුලේ සාමාජිකයින් පොලීසියට පැමිණිලි කර තිබුණේ එම තරුණයා අත්අඩංගුවට ගත් දින රාත්‍රියේ කිසියම් පිරිසක් විසින් පහරදී තිබූ බවයි. එසේම, පොලිස් නිලධාරීන් විසින් ද පහරදුන් බවට ඥාතීන් චෝදනා කර සිටියා.

වැඩිදුර කියවන්න

Rivira Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top