(RIVIRA.LK, 2020 ඔක්තෝම්බර් 18 පස්වරු 04.23ට)
කොළඹ දිස්ත්‍රික්කයේ හොරණ සෞඛ්‍ය වෛද්‍ය බල ප්‍රදේශයට අයත්, ඔලබොඩුව ග්‍රාමයේ කාන්තාවකට සහ ඇයගේ සහෝදරයාට කොවිඩ් – 19 වෛරසය ආසාදිත බවට ඔක්තෝම්බර් 17 දින තහවුරු වී ඇතැයි හොරණ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය චානක මල්ලිකාරච්චි සඳහන් කළා.
අදාළ කාන්තාව කහතුඩුව හයිඩ්‍රාමනි ඇඟළුම් කර්මාන්තශාලාවේ සේවය කරන තැනැත්තියක් වන අතර ඇගේ සහෝදරයා වඩු කාර්මිකයෙකු කටයුතු කරයි.
මොවුන් දෙදෙනා මිනුවන්ගොඩ ප්‍රදේශයේ පැවති මංගල උත්සවයකට සහභාගී වී ඇති අතර ඔවුන් සමඟ සමීපව කතාබහ කළ පුද්ගලයෙකුට කොවිඩ් – 19 වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබෙනවා. ඉන් අනතුරුව කහතුඩුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය මගින් හයිඩ්‍රාමනි ඇඟළුම් කර්මාන්ත ශාලාවේ පී.සී.ආර්. පරීක්ෂණ සිදු කර ඇති අතර එම පරීක්ෂණ සඳහා අදාළ සෞඛ්‍ය ඒකකයේ හෙද නිලධාරිනිය සහ ඇයගේ සහෝදරයාද සහභාගි වී ඇත. එම පරීක්ෂණ ප්‍රතිඵල අනුව ඔවුන් දෙදෙනාට ද වෛරස ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබෙනවා.
නිවේදනයක් නිකුත් කරමින් HIRDARAMANI ආයතනය පවසන්නේ අදාළ ආසාදිතයා හමු වීමෙන් පසු කහතුඩුව කර්මාන්ත ශාලාව වසා දමා සේවකයින් නිරෝධායනය කිරීමට පියවර ගත් බවයි.
ඒ අනුව, හයිඩ්‍රාමනී ඇඟළුම් කර්මාන්තශාලාවේ සේවය කරනු ලබන සේවකයින් 200කට ද ඔක්තෝම්බර් 18 වන දින පීසීආර් පරීක්ෂණ සිදු කිරීමට නියමිත බව වාර්තා වේ.
මේ අතර, නිට්ටඹුව පිහිටි MAS Active ඇගළුම් ආයතනයේ සේවකයෙකුට ද කොවිඩ්-19 වෛරසය ආසාදනය වී ඇති බව ඔක්තෝම්බර් 16 දින අනාවරණය වී තිබුණා. සියලු ඇඟළුම් ආයතනවල සේවකයින් සඳහා පීසීආර් පරීක්ෂණ සිදුකරන ලෙස රජයෙන් ලබා දී ඇති උපදෙස් පරිදි සිදුකරන ලද පරීක්ෂණවල දී මෙම ආසාදිතයින් හඳුනාගෙන තිබෙනවා.

