කොවිඩ්-19

සමස්ත ආසාදිතයින් ගණන 5,500ත් ඉක්මවයි, Brandix පොකුරෙන් තවත් 39ක්

(RIVIRA.LK, 2020 ඔක්තෝම්බර් 18 පස්වරු 05.10ට – යාවත්කාලීන කිරීම පස්වරු 10.00ට)

ශ්‍රී ලංකාවේ දී වාර්තා වූ කොවිඩ්-19 ආසාදිතයින් සංඛ්‍යාව ඔක්තෝම්බර් 18 වන ඉරිදා පස්වරු 09.30 වනවිට 5,538ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඒ තවත් ආසාදිතයින් 39 දෙනෙකු හඳුනාගැනීමත් සමගයි. දිනය තුළ ආසාදිතයින් 08 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිට වී තිබෙනවා.

ඒ අනුව, දිනය තුළ නව ආසාදිතයින් 63 දෙනෙකු හඳුනා ගෙන ඇති අතර ඉන් 61 මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් පොකුරට අදාළව හඳුනාගෙන ඇති බව යුද හමුදාපතිවරයා සඳහන් කළා. අනෙක් දෙදෙනා විදේශයන්ගේ සිට පැමිණි ආසාදිතයින් වේ.

එම පොකුරට අදාළව මෙතෙක් වාර්තා වූ ආසාදිතයින් මෙසේ ය.

ඒ අනුව Brandix කොරෝනා පොකුරේ සමස්ත ආසාදිතයින් ගණන 2,075 දක්වා ඉහළ ගොස් තිබෙනවා. එය මෙරටින් වාර්තා වූ සමස්ත ආසාදිතයින් ප්‍රමාණයෙන් 37% ඉක්මවූ ප්‍රමාණයකි.

ඒ අනුව, මේ වනවිට නිකුත් කර ඇති වාර්තා අනුව සුවය ලබා ඇති මුළු සංඛ්‍යාව 3,403කි. සමස්ත ආසාදිතයින් අතුරින් 13 දෙනෙකුට දිවි අහිමි වී තිබෙනවා. සක්‍රීය ආසාදිතයින් ගණන 2,122ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. වෛද්‍ය අධීක්ෂණය යටතේ සිටින සැක සහිත රෝගීන් ගණන 306ක් බව ද සඳහන් වේ.

Rivira FB Group Rivira Youtube
To Top