(RIVIRA.LK, 2020 ඔක්තෝම්බර් 18 පස්වරු 09.20ට)
කොවිඩ්-19 වෛරසය පැතිරීම පාලනය කිරීම සඳහා කළුතර දිස්ත්‍රික්කයේ ගම්මාන තුනක් හුදකලා කිරීමට කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය තීරණය කර තිබෙනවා.
ඔක්තෝම්බර් 18 පස්වරු 06.20ට නිවේදනයක් නිකුත් කරමින් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළේ කළුතර දිස්ත්‍රික්කයේ මතුගම ප්‍රදේශීය ලේකම් කොට්ඨාසයේ ඕවිටිගල, බදුගම සහ බදුගම නව ජනපදය යන ප්‍රදේශ මෙලෙස හුදෙකලා කර ඇති බවයි.

