දේශීය පුවත්

කාදිනල් හිමියන්ට අපහාස කළැයි කාන්තාවක් අත්අඩංගුවට

(RIVIRA.LK, 2020 ඔක්තෝම්බර් 18 පස්වරු 10.40ට)

කොළඹ අගරදගුරු අතිඋතුම් කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන්ගේ ප්‍රතිරූපයට හානි කිරීමට උත්සාහ ගත් බවට සැක පිට කාන්තාවක් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරනවා.

බත්තරමුල්ල ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් අදාළ සැකකාරිය දීප්ති මදනායක නම් 41 හැවිරියේ වියේ පසුවන අයෙකු බව ද මේ වන විට අනාවරණය වී තිබෙනවා. අදාළ කාන්තාවගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් අගරදගුරු කාර්යාලය කළ පැමිණිල්ලකට අනුව අදාළ අත්අඩංගුවට ගැනීම සිදුකර තිබෙනවා.

සිදුවීමට පාදක වී ඇත්තේ අදාළ කාන්තාව විසින් කාදිනල් හිමියන් පිළිබඳ සඳහන් කරමින් “වෛරී සහගත අන්තර්ගතයක් සහිත වීඩියෝපටයක්” සමාජ මාධ්‍ය වෙත මුදා හැරීම යි. එම වීඩියෝව මගින් කාදිනල් හිමියන් බෞද්ධ සමාජය සමග පවත්වාගෙන යනු ලබන යහපත් සබඳතාවය විවේචනය කරමින් කාදිනල් හිමියන්ට අපහාසාත්මක ලෙස බැන වදින ආකාරයක් නිරීක්ෂණය වේ.

Rivira FB Group Rivira Youtube
To Top