(RIVIRA.LK, 2020 ඔක්තෝම්බර් 19 පෙරවරු 09.12ට)
සමගි ජනබලවේගයේ වන්නි දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් අත්අඩංගුවට ගැනීමට පොලීසිය සමත් වී තිබෙනවා.
ඒ මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගන්නැයි නීතිපතිවරයා විසින් වැඩ බලන පොලිස්පතිවරයා වෙත ඔක්තෝම්බර් 13 දින ලබා දුන් නියෝගයක් අනුව යි. කෙසේ නමුත්, දින 06 ක කාලයක් සැඟව සිටි රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයා ඔක්තෝම්බර් 19 පෙරවරු 3ත් 4ත් අතර කාලයේ සිදුකළ බුද්ධි මෙහෙයුමකින් අත්අඩංගුවට ගෙන ඇති බවත් ඊට රාජ්‍ය බුද්ධි සේවයේ විශේෂ මැදිහත් වීමක් සිදුව ඇති බවත් පොලිස් ආරංචි මාර්ග වාර්තා කරයි.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති, නීතිඥ අජිත් රෝහණ සඳහන් කළේ සැකකාර මන්ත්‍රීවරයා දෙහිවල, එබනයිසර් මාවතේ පිහිටි මහල් නිවාස සංකීර්ණයක සැඟවී සිටිය දී අත්අඩංගුවට ගැනීමට හැකි වූ බවයි. එසේම මේ වනවිට මන්ත්‍රීවරයාව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත රැගෙනවිත් ඇති අතර ප්‍රකාශ ලබා ගැනීමට කටයුතු කරමින් සිටින බව ද කියා සිටියා.
ප්‍රකාශ ලබා ගැනීමෙන් අනතුරුව, රාජ්‍ය මුදල් අවභාවිතය, මැතිවරණ නීති උල්ලංඝනය හා පොදු දේපළ පනත යටතේ ඇති චෝදනා මත අධිකරණයට ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බව ද සඳහන් කළා.
කෙසේ වෙතත් මන්ත්‍රීවරයා සැඟව සිටි නිශ්චිත ස්ථානය හෝ මන්ත්‍රීවරයාට සැඟව සිටීමට උපකාර කළ අය අත්අඩංගුවට ගැනීමක් පිළිබඳ කිසිඳු කරුණක් මාධ්‍ය වෙත අනාවරණය වී නැත.
සැකකාර මන්ත්‍රීවරයා සැඟවීම හේතුවෙන් රටින් පිට වේ යැයි ඇති වූ සැකයක් මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කළ ඉල්ලීමකට අනුව කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් රිෂාඩ් බදියුදීන්ගේ විදෙස් ගමන් තහනම් කරමින් ඔක්තෝම්බර් 14 දින නියෝගයක් නිකුත් කළා.
එසේම, පොලීසිය මීට පෙර කළ වැටලීමක දී මන්ත්‍රීවරයා විසින් පරිහරණය කළ බවට සැකපිට වාහන දෙකක් සහ එහි තිබූ අවි කිහිපයක්, පතොරම් ද සමග අත්අඩංගුවට ගෙන ඇති අතර ඒවායේ රියදුරුවරුන් ලෙස කටයුතු කළ දෙදෙනෙකු ද අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.
තමා අත්අඩංගුවට ගැනීම වළක්වන්නැයි ඉල්ලා රිෂාඩ්ගෙන් අභියාචනාධිකරණයට පෙත්සමක්
රිෂාඩ්ට විදෙස් ගමන් තහනමක්
දිනක් ගතවෙයි: රිෂාඩ් අතුරුදන්; 4ක් අත්අඩංගුවට
රිෂාඩ් අත්අඩංගුවට ගැනීමට පොලීසිය අසමත් වෙයි
රිෂාඩ් අත්අඩංගුවට ගන්න වරෙන්තු අවශ්‍ය නෑ – අධිකරණය
රිෂාඩ් අත්අඩංගුවට ගන්නැයි නීතිපතිගෙන් පොලිස්පතිට උපදෙස්

