,
News

රිෂාඩ් සඟවාගෙන සිටි වෛද්‍යවරයා හා බිරිඳ අත්අඩංගුවට, සැඟවුනු තැන් ගැන පරීක්ෂණ

(RIVIRA.LK, 2020 ඔක්තෝම්බර් 19 පෙරවරු 10.58ට)

සමගි ජනබලවේගයේ වන්නි දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදුර්දීන් අත්අඩංගුවට ගැනීම සඳහා අවශ්‍ය කර ඇති සැකකරුවෙකු ලෙස නම් කර තිබිය දී මෙරට නීතිය උල්ලංඝනය කරමින් සැකකරුට රැකවරණ දීම යන චෝදනාව යටතේ පුද්ගලයින් දෙදෙනකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ දෙහිවල නගර සභාව අසළ පිහිටි එබනයිසර් මාවතේ පිහිටි රෂ් එබනීස් නම් සුඛෝපභෝගී මහල් නිවාස සංකීර්ණයේ නිවාසයක සැකකාර මන්ත්‍රීවරයාට රැකවරණ සැපයූ පුද්ගලයින් දෙදෙනෙකි.

ඒ අනුව, එම නිවසේ පදිංචි වෛද්‍යවරයෙක් සහ ඔහුගේ බිරිය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර සැකකරුවෙක් සඟවා තබා ගැනීමේ චෝදනාව යටතේ අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

අදාළ වෛද්‍යවරයා හිටපු අමාත්‍යවරයාගේ හිතවතෙක් බව ද වාර්තා වන අතර එම ස්ථානයට පැමිණීමට පෙර සැකකාර මන්ත්‍රීවරයා රැඳී සිටි ස්ථාන සම්බන්ධව විශේෂ විමර්ශනයක් සිදු කරමින් සිටින බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ආරංචි මාර්ග සඳහන් කරයි.

Rivira Ads
To Top