(RIVIRA.LK, 2020 ඔක්තෝම්බර් 19 පස්වරු 12.45ට)
20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත පිළිබඳව ඔක්තෝම්බර් 21 සහ 22 වැනි දින පැවැත්වීමට නියමිත විවාදය කල් දමන ලෙස විපක්ෂයේ ප්‍රධාන සංවිධායක, සමගි ජනබලවේගයේ මහනුවර දිස්ත්‍රික් පා.ම. ලක්ෂ්මන් කිරිඇල්ල විසින් කථානායන මහින්ද යාපා අබේවර්ධන වෙත ඔක්තෝම්බර් 19 දිනැතිව ලිපියක් යොමු කරමින් ඉල්ලා තිබෙනවා.
ඔහු එම ලිපිය මඟින් සඳහන් කරන්නේ, රජය විසින් කොවිඩ් වසංගතය පාලනය සඳහා පනවා ඇති නීති රිති හා රෙගුලාසි අනුව කටයුතු කරන්නේ නම් පුද්ගල දුරස්ථභාවය ආරක්ෂා කරමින් රැස්වීම් පැවැත්වීමද නතර කළ යුතු බවයි. එබැවින් පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් අසුන් ගන්නා ආකාරය හා රැස්වීම් සීමා කර ඇත් අවස්ථාවක පාර්ලිමේන්තුව පැවැත්වීම ද අදාළ නීති රීති වලට පටහැනි බවත් ලක්ෂ්මන් කිරිඇල්ල මන්ත්‍රීවරයා අදාළ ලිපිය මගින් පෙන්වා දෙයි.
එබැවින් නීති සම්පාදනය කරන ස්ථානයම නීති උල්ලංඝනය කරන්නේ නම් රටට දෙන ආදර්ශය කුමක්දැයි ඔහු ප්‍රශ්න කර සිටියි. ඒ හේතුවෙන්, 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ විවාදය කල් දැමීමට කටයුතු කරන ලෙස කථානායකවරයාගෙන් ඔහු ඉල්ලීමක් සිදු කර තිබේ.
කථානායකවරයා වෙත යොමු කළ අදාළ ලිපිය පහතින් දැක්වේ.
20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ විවාදය කල් දැමීම
කොවිඩ් ආසාදිතයින් රටේ සෑම දිස්ත්‍රික්කයකටම හෙළදරව් වී ඇත. එය වසංගතයක් බවට පත්ව ඇත්තේ ආණ්ඩුවේ නොසැලකිල්ල නිසා බව පෙනෙන්නට තිබේ. පසුගිය අප්‍රේල් මස 22 වන දා පටන් කිහිප අවස්ථාවක කොවිඩ් උවදුර අවසන් යැයි ආණ්ඩුව ප්‍රකාශ කළත් එසේ සිදු වී නොමැත. තවද, කොවිඩ් වසංගතය පාලනය සඳහා අවශ්‍ය නීති රීති හා රෙගුලාසි ගෙන ඒමට මාස 10ක් පමණ ප්‍රමාද විය. ලෝකයේ අනෙකුත් රටවල් මැයි මාසය වන විට අවශ්‍ය රෙගුලාසි ඉදිරිපත් කරන ලදී. ප්‍රමාද වී හෝ රෙගුලාසි ගණනාවක් ගැසට් කරන ලදී. මෙම රෙගුලාසි අනුවම මෙම රෙගුලාසි ක්‍රියාත්මක කරන්නේ නම් රැස්වීම් නිමා කළ යුතුය. දුරස්ථභාවය ආරක්ෂා කළ යුතුය. එසේ හෙයින්,
පාර්ලිමේන්තුවේ ගරු මන්ත්‍රීවරුන් අසුන් ගන්නා ආකාරය රජයේ රෙගුලාසිවලට පරස්පර වේ.
රැස්වීම් සීමා කර ඇති අවස්ථාවක පාර්ලිමේන්තුව පැවැත්වීමද එම නීති රීති වලට පටහැනි වේ.
නීති සම්පාදනය කරන ස්ථානයම නීති උල්ලංඝනය කරන්නේ නම් රටට දෙන ආදර්ශය කුමක්ද ?
එම නිසා මෙම සතියේ පැවැත්වීමට නියමිත 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධයන පිළිබඳ විවාදය කල් දැමීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාරුණිකව ඉල්ලා සිටිමි.
ඒ අනුව, විපක්ෂය ලෙස අප ඉල්ලා සිටින්නේ ඉහතින් දක්වා ඇති කරුණු පිළිබඳව සාකච්ඡා කිරීමට අවස්ථාවක් සලසා දෙමින් මෙම සතියේ පාර්ලිමේන්තු සැසිය පැවැත්වීම රජය විසින් පනවන ලද නව නීති රීතිවලට අනුකූලව කැඳවන ලෙසය.
ලක්ෂ්මන් කිරිඇල්ල (පා.ම), විපක්ෂයේ ප්‍රධාන සංවිධායක
20 දෙවන වර කියැවීමේ විවාදයට දින දෙයි, විපක්ෂයේ ඉල්ලීමට ඉවතට
20ට එරෙහි පෙත්සම් ගැන ශ්‍රේෂ්ඨාධීකරණයේ රහසිගත නිගමනය කථානායක වෙත යොමු කරයි

