කොවිඩ්-19

Brandix පොකුරෙන් අදට 87ක්, 64ක්ම නිරෝධායන මධ්‍යස්ථානවලට පිටින්

(RIVIRA.LK, 2020 ඔක්තෝම්බර් 19 පස්වරු 01.55ට – යාවත්කාලීන කිරීම පස්වරු 10.00ට)

ශ්‍රී ලංකාවේ දී වාර්තා වූ කොවිඩ්-19 ආසාදිතයින් සංඛ්‍යාව ඔක්තෝම්බර් 19 වන සඳුදා පස්වරු 09.45 වනවිට 5,625ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඒ තවත් ආසාදිතයින් 40 දෙනෙකු හඳුනාගැනීමත් සමගයි. දිනය තුළ ආසාදිතයින් 37 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටත් වී තිබෙනවා.

ඒ අනුව, දිනය තුළ නව ආසාදිතයින් 87 දෙනෙකු හඳුනා ගෙන ඇති අතර ඒ සියලු දෙනාම මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් පොකුරට අදාළව හඳුනාගෙන ඇති බව යුද හමුදාපතිවරයා සඳහන් කළා. ඒ අතරින් 23 දෙනෙකු නිරෝධායන මධ්‍යස්ථාවලින් වාර්තා වී ඇති අතර 64 දෙනෙකුම ආශ්‍රිතයින් වන අතර ඔවුන් වාර්තා වී ඇත්තේ නිරෝධායන මධ්‍යස්ථානවලට පිටින්.

එම පොකුරට අදාළව මෙතෙක් වාර්තා වූ ආසාදිතයින් මෙසේ ය.

ඒ අනුව Brandix කොරෝනා පොකුරේ සමස්ත ආසාදිතයින් ගණන 2,162 දක්වා ඉහළ ගොස් තිබෙනවා. එය මෙරටින් වාර්තා වූ සමස්ත ආසාදිතයින් ප්‍රමාණයෙන් 38% ඉක්මවූ ප්‍රමාණයකි.

ඒ අනුව, මේ වනවිට නිකුත් කර ඇති වාර්තා අනුව සුවය ලබා ඇති මුළු සංඛ්‍යාව 3,440කි. සමස්ත ආසාදිතයින් අතුරින් 13 දෙනෙකුට දිවි අහිමි වී තිබෙනවා. සක්‍රීය ආසාදිතයින් ගණන 2,172ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. වෛද්‍ය අධීක්ෂණය යටතේ සිටින සැක සහිත රෝගීන් ගණන 297ක් බව ද සඳහන් වේ.

Rivira FB Group Rivira Youtube
To Top