දේශීය පුවත්

රිෂාඩ් බදියුදීන් රක්ෂිත බන්ධනාගාරගත කරයි

(RIVIRA.LK, 2020 ඔක්තෝම්බර් 19 පස්වරු 06.06ට)

සමගි ජනබලවේගයේ වන්නි දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඔක්තෝම්බර් 27 දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොටුව මහේස්ත්‍රාත්වරයා ඔක්තෝම්බර් 19 නියෝග කළා.

මන්ත්‍රීවරයා ඔක්තෝම්බර් 19 පෙරවරු 03.30ට පමණ විශේෂ බුද්ධි මෙහෙයුමකින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගනු ලැබූ අතර දණ්ඩ නීති සංග්‍රහයේ 386 වගන්තිය යටතේ සාපරාධී සාවද්‍ය පරිහරණය, පොදු දේපළ 5 වන වගන්තිය යටතේ වන වැරදි සිදුකිරීම සහ ජනාධිපතිවරණ පනතේ 82 සහ 86 වගන්ති යටතේ සිදුකර ඇති වැරදි සම්බන්ධයෙන් අධිකරණය වෙත ඉදිරිපත් කරන බව නියෝජ්‍ය පොලිස්පති, නීතිඥ අජිත් රෝහණ සඳහන් කළා.

Rivira FB Group Rivira Youtube
To Top