,
Covid-19

කුරුණෑගල දිස්ත්‍රික්කයේ පොලිස් බලප්‍රදේශ කිහිපයකට ඇඳිරි නීතිය

(RIVIRA.LK, 2020 ඔක්තෝම්බර් 20 පස්වරු 06.35ට)

කුරුණෑගල දිස්ත්‍රික්කයේ කුලියාපිටිය, පන්නල, දුම්මලසූරිය, ගිරිඋල්ල හා නාරම්මල යන පොලිස් බලප්‍රදේශ සඳහා වහාම ක්‍රියාත්මක වන පරිදි නිරෝධායන ඇඳිරි නීතිය පැනවූ කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.

ඔක්තෝම්බර් 20 දින නිවේදනයක් නිකුත් කරමින් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව මේ බව නිවේදනය කළා.

එහෙත්, උසස් පෙළ විභාගයට සහභාගී වන සිසුන්ට ඇඳිරි නීතිය කිසිසේත්ම බාධාවක් නොමැති බව පොලිස් මාධ්‍ය මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ සඳහන් කළා.

දිගින් දිගටම කොවිඩ්-19 ආසාදිතයින් වාර්තා වීම හේතුවෙන් සෞඛ්‍ය සේවා අධ්‍යක්ස ජනරාල්ගේ නිර්දේශය මත මෙම තීරණය ගෙන ඇති බව ද වාර්තා වේ.

Rivira Ads
To Top