(RIVIRA.LK, 2020 ඔක්තෝම්බර් 20 පස්වරු 10.40ට)
ශ්‍රී ලංකාවේ දී වාර්තා වූ කොවිඩ්-19 ආසාදිතයින් සංඛ්‍යාව ඔක්තෝම්බර් 20 වන අඟහරුවාදා පස්වරු 09.55 වනවිට 5,811ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඒ තවත් ආසාදිතයින් 120 දෙනෙකු හඳුනාගැනීමත් සමගයි. දිනය තුළ ආසාදිතයින් 17 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටත් වී තිබෙනවා.
ඒ අනුව, දිනය තුළ නව ආසාදිතයින් 186 දෙනෙකු හඳුනා ගෙන ඇති අතර ඉන් 180 දෙනෙකු මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් පොකුරට අදාළව හඳුනාගෙන ඇති බව යුද හමුදාපතිවරයා සඳහන් කළා. ඒ අතරින් 23 දෙනෙකු නිරෝධායන මධ්‍යස්ථාවලින් වාර්තා වී ඇති අතර 64 දෙනෙකුම ආශ්‍රිතයින් වන අතර ඔවුන් වාර්තා වී ඇත්තේ නිරෝධායන මධ්‍යස්ථානවලට පිටින්. විදේශයන්ගේ සිට පැමිණි 06 දෙනෙකු ද ආසාදිත බව හඳුනාගත් අය අතර සිටිනවා.
Brandix පොකුරට අදාළ ආසාදිතයින් 180 අතරින් 37 දෙනෙකු නිරෝධායන මධ්‍යස්ථාවලින් වාර්තා වී ඇති අතර 143 දෙනෙකුම ආශ්‍රිතයින් වන අතර ඔවුන් වාර්තා වී ඇත්තේ නිරෝධායන මධ්‍යස්ථානවලට පිටින්.
එම පොකුරට අදාළව මෙතෙක් වාර්තා වූ ආසාදිතයින් මෙසේ ය.
බ්‍රැන්ඩික්ස් කොරෝනා පොකුර ඔක්. 20 – 180 (පස්වරු 02.50ට වාර්තා කළ ආසාදිතයින් 60, පස්වරු 09.50ට වාර්තා කළ ආසාදිතයින් 120)
බ්‍රැන්ඩික්ස් කොරෝනා පොකුර ඔක්. 19 – 87
බ්‍රැන්ඩික්ස් කොරෝනා පොකුර ඔක්. 18 – 61
බ්‍රැන්ඩික්ස් කොරෝනා පොකුර ඔක්. 17 – 115
බ්‍රැන්ඩික්ස් කොරෝනා පොකුර ඔක්. 16 – 110
බ්‍රැන්ඩික්ස් කොරෝනා පොකුර ඔක්. 15 – 68
බ්‍රැන්ඩික්ස් කොරෝනා පොකුර ඔක්. 14 – 130
බ්‍රැන්ඩික්ස් කොරෝනා පොකුර ඔක්. 13 – 194
බ්‍රැන්ඩික්ස් කොරෝනා පොකුර ඔක්. 12 – 90
බ්‍රැන්ඩික්ස් කොරෝනා පොකුර ඔක්. 11 – 121
බ්‍රැන්ඩික්ස් කොරෝනා පොකුර ඔක්. 10 – 103
බ්‍රැන්ඩික්ස් කොරෝනා පොකුර ඔක්. 09 – 30
බ්‍රැන්ඩික්ස් කොරෝනා පොකුර ඔක්. 08 – 10
බ්‍රැන්ඩික්ස් කොරෝනා පොකුර ඔක්. 07 – 202
බ්‍රැන්ඩික්ස් කොරෝනා පොකුර ඔක්. 06 – 729
බ්‍රැන්ඩික්ස් කොරෝනා පොකුර ඔක්. 05 - 101
දිවුලපිටිය කාන්තාවගේ දියණිය ඔක්. 04 - 01
දිවුලපිටිය කාන්තාව ඔක්. 03 - 01
ඒ අනුව Brandix කොරෝනා පොකුරේ සමස්ත ආසාදිතයින් ගණන 2,342 දක්වා ඉහළ ගොස් තිබෙනවා. එය මෙරටින් වාර්තා වූ සමස්ත ආසාදිතයින් ප්‍රමාණයෙන් 40% ඉක්මවූ ප්‍රමාණයකි.
ඒ අනුව, මේ වනවිට නිකුත් කර ඇති වාර්තා අනුව සුවය ලබා ඇති මුළු සංඛ්‍යාව 3,457කි. සමස්ත ආසාදිතයින් අතුරින් 13 දෙනෙකුට දිවි අහිමි වී තිබෙනවා. සක්‍රීය ආසාදිතයින් ගණන 2,341ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. වෛද්‍ය අධීක්ෂණය යටතේ සිටින සැක සහිත රෝගීන් ගණන 329ක් බව ද සඳහන් වේ.

