දේශීය පුවත්

අත්අඩංගුවට ගැනීම වළක්වන්නැයි ඉල්ලා රියාජ් ගොනුකළ පෙත්සම නිෂ්ප්‍රභ කෙරේ

(RIVIRA.LK, 2020 ඔක්තෝම්බර් 21 පෙරවරු 10.43ට)

පාස්කු ඉරිදා සිදුවීම සම්බන්ධයෙන් තමන්ව යළි අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා රියාජ් බදියුදීන් ඉදිරිපත් කළ රිට් පෙත්සම විභාගයට නොගෙනම නිෂ්ප්‍රභ කිරීමට අභියාචනාධිකරණය ඔක්තෝම්බර් 21 දින තීන්දු කර තිබෙනවා.

මහින්ද සමයවර්ධන සහ අර්ජුන ඔබේසේකර යන අභියාචනාධිකරණ විනිසුරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝගය ලබා දෙමින් සඳහන් කළේ අදාළ පෙත්සම ගාස්තු රහිතව නිෂ්ප්‍රභ කිරීමට තීරණය කළ බවයි.

සමගි ජනබලවේගයේ වන්නි දිස්ත්‍රික් පා.ම. හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන්ගේ සොහොයුරෙකු වන රියාජ් බදියුදීන් පසුගිය සැප්තැම්බර් මස 29 දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අධිකරණ ක්‍රියාවලියකින් තොරවම නිදහස් කිරීමට කටයුතු කළ අතර ඒ සම්බන්ධයෙන් බොහෝ පාර්ශවවලින් විවේචන එල්ල විය.

පසුව නීතිපතිවරයා ද එම නිදහස් කිරීම යුක්තිසහගත නොවන බව පෙන්වා දෙමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත නියෝග කළේ අදාළ නිදහස් කිරීම හා ඔහු සම්බන්ධ පරීක්ෂණයක් මාසයක් තුළ සිදුකර තමන් වෙත වාර්තා කරන ලෙසයි.

එම තත්වය හමුවේ, රියාජ් බදියුදීන් විසින් තමන්ව පෙර කරුණටම අදාළව යළි අත්අඩංගුවට ගැනීමට සූදානමක් ඇති බව පවසමින් එය වැළැක්වීමේ නියෝගයක් ඉල්ලා ඔක්තෝම්බර් 13 දින අභියාචනාධිකරණය වෙත රිට් පෙත්සමක් ඉදිරිපත් කළේ ය.

  1. තමා අත්අඩංගුවට ගැනීම වළක්වාලන්නැයි ඉල්ලා රියාජ්ගෙන් රීට් පෙත්සමක්
  2. මාව අත්අඩංගුවට ගන්න කීම ජාතිවාදියි, දේශපාලනිකයි – රියාජ්
  3. රියාජ් බදුර්දීන් නිදහස් කිරීම යුක්තිසහගත නොවේ – නීතිපති
  4. බදුර්දීන් ‘නිදහස් කිරීමේ කළු පැල්ලම’ ජාලිය සේනාරත්න පිටින් යයි?
  5. “රියාජ් බදුර්දීන් වහාම අත්අඩංගුවට ගන්න”, නිදහස් කිරීම ගැන ආණ්ඩු පක්ෂ මන්ත්‍රීන් 100ක් පරීක්ෂණයක් ඉල්ලයි
  6. රිෂාඩ් හමුවීම ගැන චමල්ගෙන් ඡන්දදායකයින්ට පැහැදිලි කිරීමක්
  7. 20 වන සංශෝධනයට බදුර්දීන් සහය දෙයි ද?
  8. නඩු නැතිවම රියාජ් බදුර්දීන් නිදහස්
Rivira FB Group Rivira Youtube
To Top