දේශීය පුවත්

චම්පික රණවකට අධිචෝදනා භාර දෙයි

(RIVIRA.LK, 2020 ඔක්තෝම්බර් 21 පෙරවරු 10.48ට)

2016 වසරේ රාජගිරිය ප්‍රදේශයේ දී රිය අනතුරක් සිදුකර තරුණයෙකුට බරපතල තුවාල සිදු කිරීම සහ ඉන්පසු සිදුවී ඇති බව කියන අක්‍රමිකතා කිහිපයකට අදාළ චෝදනා යටතේ සමගි ජනබලවේගයේ කොළඹ දිස්ත්‍රික් පා.ම. හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක වෙත ඔක්තෝම්බර් 21 දින කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා පත්‍ර භාර දී තිබෙනවා.

ඊට අදාළ නඩුව අද කැඳවූ අවස්ථාවේ දී කොළඹ මහාධිකරණ විනිසුරු ධම්මික ගනේපොල ඉදිරියේ එම අධිචෝදනා පත්‍ර භාර දීම සිදුකර තිබෙනවා.

අතර ඉන් අනතුරුව විත්තිකාර චම්පික රණවක, රුපියල් 10,000ක මුදල් ඇප සහ රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට මහාධිකරණය නියෝග කර ඇත.

ඒ අනුව, මෙම නඩුව 2021 වසරේ මාර්තු මස 04 දින මහාධිකරණය හමුවේ යළි කැඳවීමට නියෝග කළ මහාධිකරණ විනිසුරුවරයා එදිනට සාක්ෂිකරුවන් පස්දෙනෙකුට අධිකරණ හමුවේ පෙනී සිටින ලෙස දන්වා සිතාසි නිකුත් කිරීමට ද කටයුතු කර තිබෙනවා.

කෙසේ වෙතත්, රිය අනතුරු සිද්ධිය සම්බන්ධයෙන් 2019 වසරේ දෙසැම්බර් 18 දින අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි අතර දෙසැම්බර් 24 දින කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කාංචනා නෙරංජනා ද සිල්වා විසින් ඇප මත මුදා හැරීමට නියෝග කළා.

Rivira FB Group Rivira Youtube
To Top